EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Craig Wilson, Daire Glynn, Darren Mackie, Lee Cronin
Cast
Go Full Cast PageEvil Dead Rise (2023) | දුෂ්ඨ බලවේගය : නැවත නැඟීසිටීම!
මේ ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කරන්නේ අප්‍රේල් 21 වෙනිදා සහ බෙදාහැරීම Warner Bros. Pictures ඔස්සේ සිදුවුණා. ඒ වගේම ෆිල්ම් එක තියටර් රිලීස් වෙලා මාසෙකටත් වඩා අඩුකාලයකදි ඩිජිටලුත් රිලීස් වුණා, එනම් මැයි 09 වෙනිදා. මේ වන විට චිත්‍රපටයේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 114.8 හොයල තියෙනවා සහ ෆිල්ම් එකේ නිශ්පාදන කටයුතු වලට වියදම් වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 15-19 අතර ප්‍රමානයකුයි. ඒ වගේම ඊවිල් ඩෙඩ් ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකේ වැඩිම ආදායමක් උපයපු ෆිල්ම් එකත් මේක වෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ The Hole in the Ground(2019) චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරූ Lee Cronin විසින්. මෙයට රංඟනයෙන් දායක වෙනවා Alyssa Sutherland(එලී) / Lily Sullivan(බෙත්) / Morgan Davies(ඩැනී) / Gabrielle Echols(බ්‍රිජට්) / Nell Fisher(කැසී) / Billy Reynolds-Mccarthy(ජේක්) යන අය.
මේ ෆිල්ම් එකේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කලොත් මනාප 35,000 කට අධික ප්‍රමානයකින් IMDb 7.1 ඉහල අගයකුත් කුණු තක්කාලි 84% කුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම මේක බලපු ගොඩක් අය කියල තිබුනේ මේ ෆිල්ම් එක තමයි ඊවිල් ඩෙඩ් ෆ්‍රැන්චයිස් එකේ හොඳම ෆිල්ම් එක යන බව, ඒක ඇත්තක්ද?
කතාව ගැන නම් මං වැඩිය කියන්න යන්නෑ ඔයාලට බලලාම දැනගන්න ඉඩ අරින්නම්. ඒත් මං ඔයාලට මෙහෙම කියන්නම්, තෙරේසා, කේලබ් සහ ජෙසිකා නිවාඩුවට ට්‍රිප් එකක් යනවා විලක් ගාවට. එතනදි ජෙසිකාට හිටි හැටියෙ අසනීප වෙනවා සහ ඇය මැරිල වගේ ඉන්නේ. ඒත් එකපාරටම ඇයට පණ ඇවිත් මෙයාලව මරන්න උත්සහ කරනවා වගේම කේලබ්ව මරණවා. ඇත්තටම ජෙසිකට මොකක්ද වුණේ? ඒක අපිට ඇත්තටම දැනගන්න පුළුවන් වෙන්නේ චිත්‍රපටය අන්තිමට. ඒ වගේම චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ මේ අය වටා නෙවෙයි සහ ඇත්තටම කතාවෙ මොකක්ද වෙන්නෙ බලාගන්න නම් ඊවිල් ඩෙඩ් රයිස් චිත්‍රපටය බලන්නම වෙනවා.
එහෙනම් මීට වඩා මුකුත්ම කියන්න යන්නෑ.
Evil Dead ෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න 👇
2. Evil Dead II (1987)
3. Army of Darkness (1992)
4. Evil Dead (2013)
5. Evil Dead Rise (2023)











