CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3787 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Extraction (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Extraction (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 24, 2020United States116 Min.
Your rating: 0
9.4 18 votes
Extraction (2020) Sihala | බිහිසුණු මුදවාගැනීමේ මෙහෙයුම…

හොඳම මට්ටමේ හයි බජට් ෆිල්ම් එකක් රිලීස් වෙච්ච කාලයක් මතක නෑ නේද? ඔව්, කවුරුත් නොහිතපු විදියට එක සැරේම මාරාන්තික වෛරසයකින් මුළු ලෝකෙම වෙලාගත්තා. ලක්ෂයකට අධික මිනිස් ජීවිත සංඛාවක් මේ වෙද්දි අහිමි වෙලා තියෙනවා. ඉතිං, ඒ අස්සෙ මොන චිත්‍රපටිද නේද? බොහෝමයක් චිත්‍රපටි කල් යන්න ගත්තා. මිනිස්සු ගෙවල් වලට කොටුවෙලා ඉන්දෙද්දි, සිනමා ශලා වහලා තියෙද්දි, අළුතින් ෆිල්ම් රිලීස් කරලා කාට පෙන්නන්නද නේද? හැබැයි ඉතිං, සිනමාලෝලීන් විදියට හොඳ හයි බජට් ෆිල්ම් එකක් බලන්නෙ නැතුව නිකං මොකක්ද මොකක්ද වගේ නේද? අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ වෙලාවෙ නෙට්ෆ්ලික්ස්ලා ඉදිරිපත් වෙන්නෙ. හයි බජට් ෆිල්ම් එකක් වෙනුවෙන් දත කට මැදගෙන ඉඳපු අය වෙනුවෙන් මේක ඉඩෝරයට වැටුණු දිය පොදක් නෙමෙයි, ඉඩෝරයට වැටුණු ගං වතුරක් වගේ වේවි. මේක ගොඩක් විශේෂයි. ඒ වගේම, ගොඩක් වෙනස්ම වැඩක්. ඒ ඇයි කියලා මුලින්ම බලමු.

ලාංකික සිනමා ප්‍රේක්ෂකය ගත්තාම කොටස් කීපයකට වෙන්කරන්න පුළුවන්. හොලිවුඩ්, ඉන්දියානු, කොරියානු, චීන… මේ විදියට ප්‍රධාන වශයෙන්ම කොටස් කීපයක් ඉන්නවා. මේ කොටස් අතරිනුත්, වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නෙ හොලිවුඩ් සහ ඉන්දියානු කියන කැටගරි දෙකට කියන එක රහසක් නෙමෙයි. ඉතිං, කවදාහරි හිතුවද හොලිවුඩයයි, දකුණු ආසියානු රටවල් කීපයකුයි එකතු වෙලා, ජාත්‍යන්තර මට්ටමේ ෆිල්ම් එකක් හදාවි කියලා? කවදාහරි හිතුවද ජාත්‍යන්තර මට්ටමේ හොලිවුඩ් නළුවන් එක්ක, ඉන්දියානු බොලිවුඩ් නළුවන් එකම චිත්‍රපටයක රංගනයේ යෙදේවි කියලා? කවදාහරි හිතුවද, එදාමෙදා තුර සිනමා ඉතිහාසයේ වැඩිතම ආදායමක් හිමිකරගත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් ඔවුන්ගෙ චිත්‍රපටයක් වෙනුවෙන් ආසියානු රටවල් කීපයක් තෝරගනීවි කියලා? ඔබ ඒ විදියට හිතුවා හෝ නොහිතුවා, ඒ දේ යතාර්ථයක් බවට පත්වෙලා තියෙන්නෙ මේ වෙද්දි.

චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ මාවල් සිනමා විශ්වයේ “තෝර්” චරිතය තුලින් ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් Chris Hemsworth විසින්. ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන රංගන ශිල්පියෙක් විදියට ඔහු ගැන අමුතුවෙන් අටුවා ටිකා සහිතව විස්තර කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ මං හිතන්නෙ. ඔහුව මෙම චිත්‍රපටය සඳහා තෝරාගන්න පෙරාතුව Arnold Schwarzenegger සහ Bruce Willis යන රංගන ශිල්පීන් දෙදෙනාගේ නම් නිර්දේශ වෙලා තිබුණත්, අන්තිමේදි චිත්‍රපටය ගැලපෙනම, නිවැරදිම තීරණයක් විදියට Chris Hemsworth තෝරගෙන තියෙනවා.

අහලා තියෙනවද රූසෝ සහොදරයො ගැන? මාවල් කොමික් චිත්‍රපට බලන කෙනෙක් නම් රූසෝ සහෝදරයො ගැන නොදැන ඉන්න විදියක් නැහැ. නොදන්න අය වෙනුවෙන් මං මෙහෙම කියන්නම්. එදාමෙදා තුර සිනමා ඉතිහාසය තුල වැඩිතම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියපු Avengers: Endgame චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ මෙන්න මේ රූසෝ සහෝදරයො විසින්. ඒ විතරක් නෙමෙයි, Avengers: Infinity War, Captain America: Civil War කියන මාවල් සිනමා ලෝකයේ පෙරලිකාර චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු බලකණුවක් තමයි රූසෝ සහෝදරයෝ කියන්නෙ. ඉතිං, අන්න ඒ රූසෝ සහෝදරයෝ තමයි මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ.

අහලා තියෙනවද Randeep Hooda ගැන? බොලිවුඩ් රසිකයෝ නම් මේ Randeep Hooda ගැන නොදන්නවා වෙන්න බැහැ. බොලිවුඩ් සිනමාවෙන් බිහිකරපු තවත් අති දක්ෂ, ඒත් ගොඩක් දෙනෙක් නොදන්න චරිතයක් තමයි Randeep Hooda කියන්නෙ. ඔහු මේ චිත්‍රපටයේ විශේෂ චරිතයක් සඳහා රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම, Pankaj Tripathi නම් අති දක්ෂ රංගන ශිල්පියාත් බොලිවුඩ් පුරවරය වෙනුවෙන් මෙම සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටය ඉන්දියාවෙ අහමදාබාද් සහ මුම්බායි, බංග්ලාදේශයේ ඩකා සහ තායිලන්තයේ නගර කිහිපයක රූගත කිරීම් සිදුකරලා තියෙනවා. චිත්‍රපටය ඉන්දියාවේ අහමදාබාද්හි රූගත කිරීම් කරනකොට Chris Hemsworth ව දැකගන්න මහජනතාව අතරේ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තියෙනවා. මොකද, Chris Hemsworth වගේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් ඉන්දියාව වගේ රටක මිනිස්සුන්ට හැබැහින් දැකගන්න අවස්තාවක් ලැබෙනවා අඩුයි. අඩුයි කියන්නෙ, මේ වගේ අවස්තාවක් ලැබෙන්නෙ ජීවිතයටම එක වතාවක් වෙන්න පුළුවන්. ඉතිං, සමහර මිනිස්සු පැය 15කට අධික වෙලාවක් බලාගෙන ඉඳලා තියෙනවා මේ විදියට සියැසින්ම Chris Hemsworth ව දැකබලාගන්න. මේ හේතුව නිසයි, අධික වශයෙන් මහජනතාව එක්‍ රැස්වීම නිසා නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නෙ.

ඉන්දීය අර්ධද්වීපයේ කුඩු මාෆියාවෙ රජුගේ පුතණුවන් පැහැරගන්නා බංග්ලාදේශ කුඩු මාෆියාවෙ රජු…
රටවල් දෙකක මත්ද්‍රව්‍ය කෙරුම්කරුවන්ගේ යුද්ධයකට පැටළුණු, පැහැරගැනීමට ලක්වූ පාසල් ශිෂ්‍යයෙක්…
එම ශිෂ්‍යයා මුදවා ගැනීමට මාරාන්තික යුද්ධයක නිතරවන කුළී සොල්දාදුවෙක්…
ඔවුන් පසුපස හඹා එන්නාවූ ඉන්දීය විශේෂ කාර්‍ය බලකායේ හිටපු සෙබලෙකු…
මේ සියල්ලන්ගේම ඉරණම කුමන ආකාරයෙන් විසඳේවිද?
පුරා හෝරා දෙකක් මුළුල්ලේ නොනවතින, දැවැන්ත ක්‍රියාදාම සමුදායකින් සමගින් අවසරයි ඔබ වෙනුවෙන් ගෙනහැර පෑමට මෙම සිනමා සිත්තම…!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිසිල ප්‍රසාද් ” (Baiscopelk)
IMDb 6.7 /10 216,112 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jon Mallard
Director

Cast

Similar titles

Alienoid: Return to the Future (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sniper: Vengeance (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arthur the King (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yatchan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ardha Shathabdham (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beauty and the Beast (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Notebook (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Passion of the Christ (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Runway 34 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maryan (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Supun August 13, 2023 Reply

    Don’t show a 18+ ADs in this site. It’s a very uncomfortable us to watching a film with family members.

Leave a Reply to Supun Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published