EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

F1: The Movie (2025) | “එෆ් වන්: ද මූවි”

 

🎬 කතා සාරාංශය (Story Summary):

හරි හරි, වැඩිය කතා බහ ඕන නෑ… 😉 අද ගෙනාවේ නම් වේගෙටම කැමති අයට කියාපු බඩ්ඩක්. අර රේසින් කාර් එකක සද්දෙටත් වඩා සද්දෙන් දුවන ඔයාලගෙ හිත පොඩ්ඩකට පාක් කරලා මේ පැත්තට එන්න… 😅 මොකද කතාව පටන්ගන්නේ මෙන්න මෙහෙමයි…

සොනී හේස් කියන්නේ ෆෝමියුලා වන් ලෝකේ හිටපු නම ගියපු තරුවක්. හැබැයි දරුණු අනතුරකින් එයාගේ රේසින් ජීවිතේ පොඩ්ඩෙන් ඉවර වෙනවා. හැමදේම එපා වෙලා F1 වලින් විශ්‍රාම ගිහින් ඉන්නකොට, කඩා වැටෙමින් තියෙන රේසින් ටීම් එකක අයිතිකාරයෙක් එයාට ආයෙමත් ට්‍රැක් එකට බහින්න කතා කරනවා. 🏎💨 ඒත් මේ පාර එයා තනියම නෙවෙයි. එයා එක්කම රේස් කරන්න ඉන්නේ මාරම දක්ෂ, හැබැයි උණු ලේ තියෙන අලුත්ම කොල්ලෙක්. 🏎🔥 මේ ගෞරවය නැවත දිනාගන්න යන ගමන තනියම යන්න බෑ කියලා සොනීට ටිකෙන් ටික තේරුම් යන්න ගන්නවා. ජයග්‍රහණයට වේගය විතරක් මදිද? 🤝

✍️ උපසිරැසියට ජීවය දුන් මගේ අදහස (My Opinion as the Subtitler):

මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වපු කෙනා විදියට මට නම් මේක ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. මේක නිකම්ම නිකම් රේසින් ෆිල්ම් එකක් නෙවෙයි! ඇත්තටම සබ් කරනකොට මටත් ඇඩ්‍රිනලින් පොම්ප වුණා. මොකද, මේකේ කාර් වල සද්දෙ, කැමරා කෝණ… ඇඟේ හිරිගඩු පිපෙනවා 🤯. හරියට අපිත් ඒ ඩ්‍රයිවර් සීට් එකේ ඉන්නවා වගේ දැනෙන්නේ.

පරණ, පළපුරුදු සෙල්ලම්කාරයයි, අලුත් උණු ලේ තියෙන කොල්ලයි අතරේ තියෙන තරඟයයි, යාළුකමයි මාරම ලස්සනට පෙන්නලා තියෙනවා. මේක හදවතට කතා කරන, වේගයයි මානුෂික හැඟීම්නුයි පිරුණු සුපිරි අත්දැකීමක්. වේගෙට ආස, Drama වලට කැමති කෙනෙක් නම් මේක මඟහරින්නම එපා. 🔥 අවසානය වෙනකල් පුටුවටම ඇලවිලා ඉඳියි කියන එක නම් සහතිකයි!

👨‍👩‍👧‍👦 දැනුම් දීම (Audience Guidance):

Comments

November 25, 2025

❤️