CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageFate stay night Heaven’s Feel II Lost Butterfly (2019)
මේක පළවෙනි ෆිල්ම් එක (Presage Flower)ට වඩා අඳුරු, ඇක්ශන් පැත්තට බර සලරුවක්. Imdb අගයත් කලින් සලරුවට වඩා වැඩී.imdb 8.0 ගන්න මේ සලරුවට පුලුවන් වෙලා තියෙනවා.
මේ ෆිල්ම් එකත් මූලිකවම යන්නෙ තවමත් Shirou Emiya ගේ ග්‍රේල් යුද්ධය ගැන.. හැබැයි, මේ පාර මුළු අවධානයම යන්නේ Sakura Matou වෙත. ඇගේ අතීතය, වේදනා, ඇතුළේ සැගවී ඇති අඳුරු පැත්ත මේකෙන් දක්වලා තියනවා. Shirou සහ Sakura අතර ඇති ගැඹුරු සම්බන්ධය, ඒ එක්කම ඇගේ අතීතයේ දුක්බර පැත්ත මේ සලරුවෙන් ලස්සනට පෙන්වලා දෙනවා.
ෆයිට් සීන්ස් හොඳටම තියෙනවා වගේම ලස්සනට ඇනිමේට්කරලා තියෙනවා.. විශේෂයෙන්ම Rider, Assassin, Berserker ලගේ සටන් දර්ශන සුපිරී කියන්න පුලුවන්.මේ ෆිල්ම් එකේ ඇත්තටම සටන් ගැන විතරක් නෙවෙයි—ඒකේ තියන ඩ්‍රාමා ගතිය, රොමෑන්ස් ,මනෝවිද්‍යාත්මක ත්‍රාසය හුඟක් ඉහලයි.
මේ ෆිල්ම් එකේ ඇනිමේෂන් වල ගුණාත්මකභාවය ඉතා හොඳයි. Ufotable ගේ වැඩ ඉතින් කොහොමත් සුපිරීනේ. Yuki Kajiura ගේ මියුසික් එකත් හදවතටම දැනෙනවා.
ඔයා Presage Flower ආසාවෙන් බැලුවනම්,ඒකට ආස උනා නම්, මේ ෆිල්ම් එක ඔයාට ඊටත් වඩා සුපිරියක් වෙනවාමයි.
මේක ආදරවන්තයින් අනිවාර්යයෙන් බලන්න ඕන ෆිල්ම් එකක්. ඇනිමේෂන් සහ කතාව ගොඩනගන හැටි අනුව හොඳම ඇනිමේ ෆිල්ම් අතරින් එකක්.











