CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Final Destination (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Brent Crowell, Jack Hardy, James Wong, Lara Fox, Roger Scott Russell, Thomas J. Wright
Cast
Go Full Cast PageFinal Destination (2000) | පුළුවන්නම්… බේරිලා බලමුද ?
මේ සැරේ මං අරන් ආවේ 2000දි එලියට ආපු film එකක්. නම කියපු ගමන් කවුරුත් දන්නවා. දැනට කොටස් 5කින් සමන්විත Final Destination චිත්‍රපට මාලාවේ පලවෙනීම film එකටයි අද sub ඒක අරගෙන ආවේ.
මේ film series එක ගැන කිව්වොත් මුළු series එකම කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන් ඉන්න පුළුවන්. හැම film එකම කිසිම අඩුවක් නැතුව හොඳ සාර්ථකත්වයක් ලබලා තියෙනවා. හරි. මේ film එක imdb දර්ශකයේ 6.8ක සුපිරි අගයක් වාර්තා කරලා තියෙනවා.
කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ. එක ඉස්කෝලෙක ළමයින් 40ක් ප්‍රංශයට ට්‍රිප් එකක් යන්න යනවා. ඒ සෙට් එකේ ඉන්නවා ඇලෙක්ස් කියලා කොල්ලෙක්. මේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් මිනිහට නිකන් අමුතු අමුතු ඒවා හිතෙන්න පටන් ගන්නවා. කොහොමහරි ඇලෙක්ස් හීනයක් දකිනවා, එයාලා යන ගුවන් යානය කඩා වැටෙනවා. මේ නිසා ඇලෙක්ස් ගොඩක් කලබල වෙලා ගුවන් යානයේ ඉන්න හැමෝටම ඒ ගැන කියනවා. එතන ලොකු කලබලයක් ඇති වෙලා කොහොමහරි ඇලෙක්ස් ඇතුළු කිහිප දෙනෙක්ට ඒ ගුවන් යානයේ යන්න බැරි වෙනවා. හැමෝගෙම ඇගිල්ල ඇලෙක්ස් දිහාවට දික් වෙද්දී ඇත්තටම එයාලා යන්න හිටිය ගුවන් යානය කඩා වැටිලා ඒකෙ හිටපු අය ඔක්කොම මැරෙනවා. ඇලෙක්ස් නිසා කිහිපදෙනෙක් බේරුනත් ඊට පස්සේ ඒ හැමෝටම හිතපු නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එයාලා එකිනෙකා එක එක විදිහට ජීවිතයෙන් වන්දි ගෙවන්න පටන් ගන්නවා. ඉරණමේ වෙන්න තියෙන දේ කොහොමත් වෙනවලුනේ. ඒ කියන්නේ මැරෙන්න හිටපු එකා මැරෙන්නම ඕන කියන්නා වගේ ඊට පස්සේ හිතා ගන්න බැරි ලොකු ලොකු දේවල් ගොඩක් මෙයාලගේ ජීවිත වලට සිද්ද වෙනවා. මේ හිතාගන්න බැරි සිද්ධි දාමය පිටිපස්සේ ඇලෙක්ස් පන්නනවා. උත්සාහය තමන්ගෙත්, යාළුවන්ගෙත් ජීවිත බේරගැනීමයි. සටන එසේ මෙසේ කෙනෙක් එක්ක නෙමේ. මාරයා එක්කයි. උත්සාහය සාර්ථක වෙයිද???? මෙයාලට ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද??? බලලම දැන ගමු.












