EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Five Nights at Freddy’s (2023) | හොල්මන් කම්හලේ රාත්‍රී ආරක්ෂකයා

ඔන්න එහෙනම් අද අරගෙන එන්නෙ මේ අවුරුද්දෙ පිටවුනු තවත් බලාපොරොත්තු සහගතම Horror චිත්‍රපටයකට උපසිරැසියයි. හෙලෝවීන් උනුසුමත් එක්ක එක දිගට පිටවෙන හොරර් චිත්‍රපට වලින් දැනට ආපු විශිෂ්ඨතම සිනමා පටයක් විදියට මේ සිනමා පටය හඳුන්වන්න පුළුවන්. ඉතින් වැඩි හෑලි නැතුව අපි යමු කතාව පැත්තට.

මයික් කියල කියන්නෙ කාත් කවුරුවත් නැති පුංචි රස්සාවක් කරගෙන ඉන්න ගැටවර කොල්ලෙක්. එයාට ඉන්නව පුංචි නංගි කෙනෙක්. තමංගෙ පුංචි රස්සාවෙන් ලැබෙන සල්ලි වලින් තමා මේ දෙන්න ජීවිතේ ගැටගහ ගන්නෙ. ඉතින් ඔහොම යද්දි,මේ කොලුවා ගෙ කලහකාරී හැසීරීමක් නිසා කලින් වැඩ කරපු තැනින් අස් කරල දානව.පස්සෙ දෙයියනේ කියල කොල්ලට හම්බෙනව පොඩි විනෝද උද්‍යානයක රාත්‍රී මුරසේවයක්. ඒකෙදි මේ කොල්ලට අත් විඳින්න වෙන අසමාන සිදුවීම් පෙලක් තමා මේ චිත්‍රපටයට ඇතුළත් වෙලා තියෙන්නෙ.

මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ,Five night at Freddy’s නමින් අතිශය ජනප්‍රියට පත් හොරර් පරිගණක ක්‍රීඩාවක්. ඒකෙ ඉන්න චරිත  සහ සිදුවීම් එක්කාසු කරල තමා මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ.ඇත්තම කිව්වොත් මං පෞද්ගලිකව Live action එකක් ලෙස දකින්න ආසාවෙන් හිටිය ක්‍රීඩාවක් මෙහෙම කරලියට ඒමත් සහ ඒකට උපසිරැසි නිර්මාණය කරන්නත් ලැබීම ඇත්තටම මට ලොකු වාසනාවක්. ඉතිං චිත්‍රපයට මේ වෙද්දි 5.8/10ක imdb අගයක් ලබාගෙන තියෙනව වගේම තමා ආදායම් වාර්ථා තබමින් ඉදිරියටම යන්නත් සමත් වෙලා තියෙනව. එහෙනම්,හැමෝටම සිනමා පටය නරඹන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව.හැමෝටම සුභ දවසක්!

Comments