CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2347 Views

  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Flanders (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Flanders (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 30, 2006France91 Min.
Your rating: 0
4 1 vote
Flanders AKA Flandres (2006) | අසංවේදී සොල්දාදුවා…!

සෑම වසරකදීම ලෝකය පුරාවටම විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නා වූ දස දහස් ගනනක් වූ සිනමා සිත්තම් අතුරින්, බොහෝ විට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, හිංදි, දමිළ ආදී අපිට වඩාත් සමීප වූ, සීමිත භාෂා ගණනකින් නිර්මාණය වන්නා වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය වන්නා වූ විශිෂ්ට සිනමා නිර්මාණයන් මොනතරම් නං ප්‍රමාණයක් අපිට නොදැනීම මග හැරී යනවා ඇතිද…? මේ උත්සාහය ඒ විදියට මග ඇරිලා, කාලය කියන ඉලක්කම් දින වකවානු අතරේ සැගවිලා ගියපු හරි අපූරු ප්‍රංශ සිනමා සිත්තමකට උපසිරැසියක් ලබා දෙන්නයි. හොඳ නිර්මාණයක්, හොඳ කතාවක් කිසිම දවසක වයසට යන්නෙ නෑලුනෙ. ” Old Is Gold ” කියන්නෙත් ඒ හින්දමලුනෙ. ඒ නිසා තිරගත උන අවුරුද්ද දිහා බලලා ලිපිය කියවන්නවත් නතර නොවී ගියපු අයට වඩා, නතර උන ඔබ වාසනාවන්තයි…

2006 අවුරුද්දෙ Cannes සම්මාන උළෙලේදී හොඳම සිනමා පටයට හිමි Palme d’Or සම්මානය සඳහා නිර්දේශ වන්නටත් එයිනුත් ජූරියේ විශේෂ සම්මානයට හිමි Grand Prix සම්මානය දිනාගත් IMDb දර්ශකයේ 6.5 ක් ලබාගත්තු මේ හරි අපූරු සිනමා සිත්තමේ කතාව කියන එක නම් හරිම අමාරු දෙයක්. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි එකක් නිසා.

අල්ලපු ගොවිපළේ සුන්දර බාර්බීට මොනතරම් ආදරේ කලත් කවදාවත්ම ඒ ආදරේ බාර්බීට කියා ගන්න පුලුවන් කමක් ලැජ්ජාශීලී ඩෙමෙන්ස්ටර්ට තිබුනෙ නෑ. ඒ වගේම බාර්බීට ආදරේ කරපු එකම සහ අන්තිම ආදරවන්තයා ඩෙමෙන්ස්ටර් උනෙත් නෑ. හැබැයි බාර්බී මේ ගොරහැඩි ආදරවන්තයට දැනෙන්න ආදරේ කලා. මේ අතරතුරේදි තමයි මේ හැමෝටම සුන්දර බාර්බීව දාලා යුද්ධෙට යන්න වෙන්නෙ. කොහෙත්ම සුන්දර නොවුන මිහිපිට අපායක් වගේ උන ඒ යුධ බිමෙන් බේරිලා බාර්බිගේ ආදරේ වෙනුවෙන් කාට ආපහු එන්න ලැබේවිද…?

මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසාවෙන් තවමත් මේ සිනමා සිත්තම රස විදින්න හිතුනෙ නැත්තං මේ සිනමා සිත්තමේ ට්‍රේලර් එක බලලා එන්න. තෝරා බේරාගෙන රසවිඳීම ඔබට බාරයි. මේක සම්මානනීය යුධ සිනමා සිත්තමක් නිසා මතුපිටින් පෙන්නන කතාවට අමතරව සෑහෙන ගැඹුරු කියවීමක් හරි අපූරුවට කතාව ඇතුලේ ගලාගෙන යනවා. කැමති විදියකට රසවිඳීම ඔබට බාරයි. කලින් කීවා වගේම තිරගත උන වසර දැකලා හැරිලා ගියපු අයට වඩා ලිපිය කියවපු ඔබ වාසනාවන්තයි, ඒ නිසාවෙන්ම වාසනාවන්තයෝ නරඹත්වා…!

” ප්‍රේමයක් දැනෙන තැන ඔබට නවතින්න අවැසිනම් යන්න ගිහින් නැවතී ඉන්න
එහෙම කියන්න තරම් ඉවසිලිවන්ත වෙමින්
ආදරය ආදරයෙන් සහ
ප්‍රේමය ප්‍රේමයෙන් අත්හල යුතු තැන අත්හල හැකිනම්
ආදරය සහ ප්‍රේමය යනු ජීවන සෙනසුන මත තැබූ සුවඳවත් කුසුමකි…! “

Flanders (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flanders (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හසිත මධුෂාන් (Baiscopelk)
IMDb 6.5 /10 3,257 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Bruno Dumont
Director

Cast

Similar titles

Prem Ratan Dhan Payo (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nartanasala (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nail Polish (2021) Sinhala Subtitles
Thudarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kissing Booth (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Adbhutham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mr. Local (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Monolith (2016) Sinhala Subtitles
LIE (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aattam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Apostle (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
MGR Magan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published