EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageGam Gam Ganesha (2024) | “ගනේෂා”
2024 මැයි 31 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නේ Crime & Comedy කියන කැටගරි එකට.. එතකොට මේකේ ධාවන කාලය වෙන්නේ මිනිත්තු 132ක්.. අධ්‍යක්ෂණය සහ තිර රචනය යන දෙකම කරන්නේ Uday Bommisetty කියන අධ්‍යක්ෂකවරයා විසින්..
එතකොට ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නේ Anand Devarakonda විසින්.. මෙයා විජේ දෙවරකොන්ඩා ගේ සහෝදරයා කියන කාරණේ ගොඩක් දෙනෙක් දන්නවනේ.. ආනන්ද් ගේ ගිය අවුරුද්දේ නිකුත් වුන Baby ෆිලුමත් අතිශය සාර්ථක උනා නෙ.. හැබැයි මේක නම් හිතපු තරම් සාර්ථක උනේ නෑ හැබැයි.. ඒත් විනෝදෙන් බලන්න පුළුවන් ෆිලුමක් කියලා කියන්න පුළුවන්.. මේකේ සමහර තැන් වල ආනන්ද් ගෙන් විජේගේ ඇක්ෂන් ටිකක් දැක්ක මං නම්.. අනේ මන්ද.. ඒක ඔයාලට කොහොමද ෆීල් වුනේ කියලා ඔයාලම බලලා කියන්නකෝ..
කතාව ගැන නම් කියන්න ලොකු විස්තරයක් නෑ.. ගනේෂා කියන්නෙ පොඩි පොඩි හොරකම් කර කර ඉන්න තරුණයෙක්.. හදිස්සියේ කන බූට් එකක් නිසා කොල්ලට හිතෙනවා ලොකු හොරකමක් කරන්න.. පොර ගොඩක් වටින දියමන්තියක් උස්සනවා.. හැබැයි හදිස්සියේ සිද්ද වෙන පොලිස් පරික්ෂාවක් නිසා මෙයා මේ දියමන්තිය ගණදෙවි පිළිමයක් ඇතුලට දානවා.. හැබැයි මෙයාට ඒක ගන්න නම් ලේසි වෙන්නෑ. හෙන ගේමක් දෙන්න වෙනවා.. මොකද මේ පිළිමෙට බර සෙට් එකක් ඇහැ ගහගෙන ඉන්නේ.. ඒ දියමන්තිය නිසා නම් නෙවෙයි..
ඇත්තටම ඇයි මේ හැමෝම මේ පිළිමේ එක්කම ඔට්ටු වෙන්නේ?
ඒකට හේතුව දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනවා








