EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Garudan (2023) | රාජාලියා.

මෙන්න 2023 වසර අවසන් වෙනකොට මලයාලම් සුපිරියක් ඇවිත්. IMDB අගය7.4 ක්. කොටින්ම මලයාලමේ උණුසුම්ම ත්‍රිලර් ඝණයේ චිත්‍රපට නිකුත් වෙන්න පටන් ගන්නේ ශීතල දෙසැම්බර් මාසේ වගේයි පේන්නේ. මේකත් එහෙම හිතා ගන්න බැරි සුපිරිම කතාවක්.

මේකටත් පොලිසිය සම්බන්ධයි. ප්‍රධාන චරිත දෙක. නියෝජ්‍ය පොලිස් කොමසාරිස් හරිෂ් මාධවන් සහ මහාචාර්ය නිශාන්ත්.එක් වැසි බර රාත්‍රියක සිදුවන අතවරයක්. ඊට ලක් වෙන සරසවි සිසුවියක්. ඇය තෙරේසා දීර්ඝ කාලීන කොමාවක. මෙය සොයා යන හරිෂ් ප්‍රමුඛ පොලිසියට සැක කරුවෙකු හමු වන්නේ මාස හතකට පසුව. ඒ ඇයගේම සරසවියේ මහාචාර්‍ය නිශාන්ත්. සිය බිරිඳ සහ දරුවා සමග සුන්දර පවුල් ජීවිතයක් ගෙවන ඔහුගේ ලෝකය කඩා වැටෙන්නේ මේ නඩුවෙන් වරද කරු වී ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක් වීමෙන්.

වසර හතක් යනවා, තෙරේසා තවමත් කොමාවක. ඇගේ පියා ඇයව වෙන්ටිලේටරයෙන් ගලවන්න දෙන්නෙ නෑ.කෙසේ හෝ නිශාන්ත් වසර හතකින් නිදහස් වෙලා එනවා. ඔහුගෙ ලෝකයම කඩා වැටිලා. සියල්ලෝම ඔහුව ප්‍රතික්ෂේප කරනවා.නිකරුණේ සිර දඬුවම් විඳි තමාගේ නම නිර්දෝශී කර ගැනීම ඔහුගේ උවමනාව. ඒ සඳහා සිර ගෙය තුල සිටම ඔහු සූදානම්. එහි මූලික අදියර එහි සිට ඔහු නීති උපාධිය ලබා ගැනීම. ඔහු සිය නඩුව නැවත විමර්ෂණය කිරීමට අවසරය ලබා ගන්නවා. අවසානයේ නිර්දෝශී භාවය ඔප්පු කර නිදහස් වෙනවා.

නීති ගරුක පොලිස් නිළධාරියෙකු වන හරිෂ්ගේ විශ්‍රාමය සිදුවන දවස වෙන කොට ඔහුගේ නිකළැල් පොලිස් දිවියට විශාල කළු පැල්ලමක් එකතු වෙන්නේ මෙම නඩුව නිසා.නිකරුණේ වරද කරුවකු කිරීම හේතු කොට ගෙන ඔහුට නිශාන්ත් හට විශාල වන්දියක් ගෙවීමට සිදු වෙනවා.නිශාන්ත් අළුත් ජීවිතයක් පටන් ගනිද්දී හරිෂ්ගේ පුංචි කැදැල්ල කඩා වැටෙනවා. කොතනද වැරදුනේ? හරිෂ් එහෙම හිතන කොට, ගරු කටයුතු ප්‍රසිද්ධ නීතිඥයෙක් බවට පත් වෙමින් සිටින මහාචාර්‍ය නිශාන්ත් තවදුරටත් පළි ගනීද? නිශාන්ත්ගේ මෙන්ම නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට යාම නිසා ඇමති වරයෙකුගේ ද වෛරයට පාත්‍ර වෙන හරිෂ්ගේ ඉරණම මෙය නරඹා බලා ගන්න.

Suresh Gopi, Biju Menon, Siddique ප්‍රධාන චරිත මවන මෙය Arun Varma ගේ අධ්‍යක්ෂනයක්. නැවත උණුසුම් උපසිරැසියකින් හමුවෙමු

Comments