CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2200 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Garudan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Garudan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 31, 2024India133 Min.
Your rating: 0
8.8 17 votes
Garudan (2024) | යුක්තියට එරෙහි අසීමාන්තික කෙළෙහිගුණය…

 

කරුණා සහ ආදි කෝම්බෛ කියන ගමේ හොල්ලන්න බැරි අතු දෙකක්. මේ දෙන්නා හොඳම යාළුවෝ වගේම ශක්තිමත් බැඳීමක් දෙන්නා අතරෙ තිබුණා. මේ බැඳීම තවත් ශක්තිමත් කරන්න කළගුණ දත් බල්ලෙක් මෙයාලා දෙන්නත් එක්කම වාසය කළා. ඒ සොක්කන්. අනාථයෙක්ව හිටි සොක්කන් පුංචි කාලයෙදි කරුණා දුන් බත් පතකින් ආරම්භ වුණ මේ ගැතිකම වැඩිමහල් වෙනතුරුත් නොවෙනස්ව තිබුණා. සොක්කන් කරුණාට විශ්වාසවන්ත සේවකයෙක් විදියට ජීවත් වුණා. මොවුන් තිදෙනා අතරට පිටතින් පැමිණි කීප දෙනෙක් බලපෑම් කරන්න ගන්නවා. වියෝවීම්, කරදර වලට මුහුණ දෙන්නට වෙනවා. මොහොතකදී සොක්කන්ට යුක්තියද, විශ්වාසවන්ත කමද කියන විකල්ප දෙකෙන් එකක් තෝරාගන්න සිදු වෙනවා.

ගරුඩන් කියනේ ගරුඬාට. නැත්නම් ගුරුලා, බ්‍රාහ්මණ උකුස්සා නමින් හඳුන්වනවා. ගරුඬා හින්දු දෙවි විශ්ණු දෙවියන්ගේ වාහනය ද වෙනවා. RS දුරෛ සෙන්දිල්කුමාර් විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ මෙය දමිළ සිනමා අධ්‍යක්ෂක වෙට්‍රිමාරන් විසින් රචනා කරන ලද කතාවක්. දුරෛ සෙන්දිල්කුමාර් Ethir Neechal (2013), Kaaki Sattai (2015), Kodi (2016) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. ඒ වගේම ඔහු Viduthalai Part 1 චිත්‍රපටය රචනයෙන් වෙට්‍රිමාරන් හට සහයෝගය ලබා දුන්නා.

සූරි ප්‍රධාන චරිත මවන මෙහි ඔහු සමඟින් උන්නි මුකුන්දන්, සසිකුමාර්, ශිවාදා, සමුත්‍රකනී, රෝෂිණී හරිප්‍රියන්, රේවතී ශර්මා, වඩිවුකරසි, ජෝර්ජ් මරියාම්, මයිම් ගෝපි, RV උදයකුමාර් යන නළු නිළියන් රඟපානවා.

ඇති ඇති කියවෙන තරමට විකට චරිත කළ සූරිගේ ජීවිතය Viduthalai Part 1 (2023) චිත්‍රපටයෙන් උඩුකුරු වෙනවා. ඒ වගේම ඔහුට විජේ සේදුපති, සසිකුමාර්, නිවින් පෝලි, උන්නි මුකුන්දන් වැනි දමිළ, මලයාලම් තරු සමඟින් කරට කර රඟපාන්නත් අවස්ථාවක් මින් උදා වුණා. විඩුදලෛ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සූරිට ආනන්ද විකටන් වසරේ හොඳම නළුවා සම්මානයද හිමි වුණා.

බොහෝ හාස්‍යජනක නළුවන් ප්‍රධාන චරිත රංගනයට පැමිණියත් කර්මාණ්තයේ නමක් දිනාගෙන තව තවත් වැඩියෙන් ජනප්‍රියත්වයට පත් වෙමින් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂන්නය ඈඳා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කලෙක අත්‍යාවශ්‍යම හාස්‍ය නළුවන් වූ සන්තානම් ප්‍රධාන චරිත රංගනයට පැමිණියත් නැවතත් කොමඩි චිත්‍රපටවලට තම අවදානය යොමු කර තිබෙනවා. ඒ වගේම යෝගි බාබුගේ මෑත පැමිණි ප්‍රධාන චරිත රඟන චිත්‍රපටවල අසාර්ථක තත්වයක් පෙනෙන්න තිබෙනවා.

මෑත කාලයේ සිනමාවේ වැඩිපුර දකින්න නැති ප්‍රවීණ නිළි වඩිවුකරසි ද මීට සම්බන්ධ වීම ගරුඩන් කණ්ඩායම ලද භාග්‍යයක්. ඇය චිත්‍රපට 350කට අධික සංඛ්‍යාවක් හා ටෙලිනාට්‍ය 40ක පමණ රඟපා තිබෙනවා. චිත්‍රපටය ගැන තවත් බලාපොරොත්තු තියාගන්න හේතුවක් වුණේ මලයාලම් සිනමාවේ උන්නි මුකුන්දන් මේ සමඟ සම්බන්ධ වීම නිසායි. බොහෝ විට මේ උන්නි මුකුන්දන්ගේ පළමු දෙමළ චිත්‍රපටය විය හැකියි. තවද අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් වන සසිකුමාර් හා සමුත්‍රකනී මීට එකතු වීම චිත්‍රපටයේ අගය තවත් වැඩි කළා. සූරී, සසිකුමාර් සමඟින් Porali (2011), Sundarapandian (2012), Kennedy Club (2019), Udanpirappe (2021), Kombu Vatcha Singamda (2022) චිත්‍රපටවල රඟපෑවා. ඒ වගේම සූරි සමුත්‍රකනී සමඟ Paayum Puli (2015), Rajinimurugan (2016), Namma Veettu Pillai (2019), Don (2022) චිත්‍රපටවල ද රඟපෑවා.

සූරි ප්‍රධාන නළුවෙකු ලෙස සිනමාවට පිවිසෙන්නේ ඉලෛයරාජාගේ සංගීතය සමඟයි. ඒ වගේම මෙවර ඉලෛයරාජා පුත් යුවන් ශංකර් රාජා මේ චිත්‍රපටයට සංගීතය සපයනවා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ චිත්‍රපටයේ BGM ඉතාමත් අද්විතීය ආකාරයෙන් නිර්මාණය කර තිබුණා. චිත්‍රපටයේ විරාමයට පෙර දර්ශනය සහ පෙර අවසන් ජවනිකා වල සූරිගේ රංගනයෙන් නිසැකවම ඇඟ කිළිපොලා යනවා. පසුබිමින් යුවන්ගේ පසුබිම් වාදනය එක්ක එය තවත් අනර්ඝ අයුරින් ඉස්මතු වෙලා දකින්න, විඳින්න ලැබුණා.

ඒ වගේම ගරුඩන් නම් කතාවක් වෙට්‍රිමාරන් විසින් තලපති විජයිව යොදාගෙන සිනමාවට නගන්න බලාපොරොත්තුවෙන් හිටියා. ඔහු විජයිට මේ කතාව බොහෝ කලකට කලින්ම කියා තිබුණා. විජයි රසිකයින් විසින් මේ චිත්‍රපටයේ ෆෑන්මේඩ් පෝස්ටර් පවා නිර්මාණය කර තිබෙනවා අදටත් අන්තජාලයෙන් සොයාගත හැකියි. මේ ඒ කතාවමද කියලා නිසැකවම කියන්න බැහැ.

ඉ.රු. කෝටි 20ක පමණ මුදලකින් නිෂ්පාදනය කළ ගරුඩන් මේ වසරේ මැයි මස 31 දින තිරගත කිරීමෙන් පසුව ඉ.රු. කෝටි 50 ඉක්මවූ ආදායමක් උපයා ගනු ලබනවා. ඒ වගේම චිත්‍රපටයට විචාරකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ ඉතා යහපත් ප්‍රතිචාර හිමි වුණා. Imdb හි මීට ලැබී ඇති රේටින් අගය 7.7ක්. TOI විසින් 3.5/5ක්, OTTPlay විසින් 3/5ක්, Only Kollywood විසින් 3.7/5ක් ලෙස ඔවුන්ගේ අගය කිරීම ලබා දී තිබෙනවා.

සූරිගේ පැමිණීමට නියමිත චිත්‍රපට ලැයිස්තුවේ Viduthalai Part 2, Ezhu Kadal Yezhu Mazhai සහ Kottukkali චිත්‍රපට පැමිණීමට නියමිතයි. ඒ වගේම Vilangu කතා මාලාව අධ්‍යක්ෂණය කළ ප්‍රශාන්ත් පාන්ඩියරාජ් විසින් සූරි සමඟින් චිත්‍රපටයක් කිරීමට සූදානමින් සිටිනවා. වෙට්‍රිමාරන් අධ්‍යක්ෂණය කළ විඩුදලෛ පාර්ට් 1, 2 සහ රාම් අධ්‍යක්ෂණය කළ යේළු මලෛ ඒළු කඩල් චිත්‍රපටයද Rotterdam International Film Festival හි ප්‍රදර්ශනය කෙරුණා. P.S. විනෝද්රාජ් අධ්‍යක්ෂණය කළ Kottukkali නොහොත් The Adamant Girl චිත්‍රපටය ද 74th Berlin International Film Festival හා තවත් සම්මාන උළෙලවල ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා. තවද එම චිත්‍රපටයට Transillvania International Film Festival උළෙලේදී විශේෂ ජූරියේ සම්මානයක් ලැබී තිබෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු නවින් (Baiscopelk)
IMDb 7.4 /10 1,235 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Departed (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Race to Witch Mountain (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Land of Bad (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Small Things Like These (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
7Aum Arivu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love in the Big City (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon Tiger Gate (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underworld: Blood Wars (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thudarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arrambam (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wonder Woman: Bloodlines (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න

(1) comment

  • Nuwan October 30, 2024 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published