EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Golam (2024) | “සාහසික අපරාධයක සුලමුල”

 

ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ මලයාලම් සිනමාවේ මේ අවුරුද්දේ ආපු Crime/Thriller ඝනයට අයත් වෙන සුපිරිම සුපිරියක්..දන්නවනේ ඉතින් මලයාලම් ෆිල්ම් ගැන ආයෙත් කියන්න දෙයක් නෑනේ..මේ ෆිල්ම් එකට IImdb රේටින් 7.2ක් ලැබිලා තියෙනවා..මුල ඉදන් අගට යනකල්ම එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් කියලා මම වගකීමෙන් කියනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

V tech කියලා සමාගමක් තියෙනවා..ඒ සමාගමේ MD වොෂ් රූම් එක ඇතුළේ මැරිලා වැටිලා ඉද්දී හොයා ගන්නවා..ඉතින් මේ පරීක්ෂණය භාර වෙන්නේ සන්දීප් කියන අති දක්ෂ පොලිස් නිලධාරියාට..හැමෝම හිතුවත් මේ මරණය සාමාන්‍ය මරණයක් කියලා සන්දීප්ට තේරෙනවා මේක මිනීමැරුමක් කියලා..ඒත් ඒක තහවුරු කරන්න කිසිම සාක්ෂියක් සන්දීපට හම්බෙන්නේ නෑ..මේ V tech සමාගමේ ඉන්නේ සේවකයන් 15 දෙනයි..ඉතින් සන්දීප් මේ 15 දෙනාගෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න පටන් ගන්නවා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..ඇත්තටම මේක මිනීමැරුමක්ද ???? එහෙනම් කව්ද ඒ මිනීමැරුම කරේ ???? මොන හේතුවකටද මිනීමැරුම කරේ ???? සන්දීප්ට මේක පිටුපස තියෙන අභිරහස හෙළිදරව් කර ගන්න පුළුවන් වෙයිද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක මග හැර ගත්තොත් ඒක ලොකු අපරාධයක් කියලා තමයි..

Comments