CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1573 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Good Bad Ugly (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Good Bad Ugly (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 09, 2025India139 Min.
Your rating: 0
8.4 20 votes
Good Bad Ugly (2025) | අවදි කළ රතු මකරා

ගුඩ් බෑඩ් අග්ලි නම අහපු ගමන් ගොඩක් අයට මතක් වෙන්න ඇත්තෙ ක්ලින්ට් ඊස්ට්වූඩ් රඟපෑව The Good, the Bad and the Ugly (1966) චිත්‍රපටය. හා හා පුරා කියලා තෙළිඟු චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් වුණ මයිත්‍රී මූවී මේකර්ස් තමන්ගේ කුළුඳුල් දෙමළ චිත්‍රපටය නිෂ්පාදනයට අත තබනවා. AK 63 ලෙස මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළා මෙය Good Bad Ugly ලෙස සඳහන් කරමින් First Look පෝස්ටරයක් නිකුත් කරමින් නිළ වශයෙන් නිවේදනය කරනු ලැබුවා. මීට ආදික් රවිචන්ද්‍රන් සිනමා අධ්‍යක්ෂණයෙන් සහ දේවි ශ්‍රී ප්‍රසාද්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් වැඩ පටන් ගන්න ලැහැස්තිවෙලා හිටියේ. ඒත් නිෂ්පාදන කටයුතු අතරමගදි මේ ව්‍යාපෘතියෙන් DSP ගැලවී යනවා. අජිත්ගේ සම්පූර්ණ චිත්‍රපට ලැයිස්තුවෙන් ඉංග්‍රීසි නාමයකින් නම් කරනු ලැබූ චිත්‍රපට තිබෙන්නේ දෙකක් පමණයි. ඉන් එකක් මේ Good Bad Ugly වන අතර අනෙක Red (2002) චිත්‍රපටයයි.

මෙහි අජිත් කුමාර් සමඟින් ත්‍රිෂා ක්‍රිෂ්ණන්, අර්ජුන් දාස්, සුනිල්, ප්‍රසන්නා, ප්‍රියා වොරියර්, ප්‍රභූ ගනීෂන්, ටින්නු ආනන්ද්, රෙඩින් කින්ග්ස්ලි, ජැකී ෂෙරෝෆ්, ෂයින් ටොම් චාකෝ යනාදී නළු නිළි කැළක් රංගනයෙන් දායක වෙනවා. තවද සිම්‍රන් සහ යෝගි බාබු විශේෂ පෙනී සිටීම් ඉදිරිපත් කරනවා.

අජිත්ගේ Vaalee චිත්‍රපටයේ සිම්රන්ගේ චරිතය මේ චිත්‍රපයට ගෙනැවිත් තිබෙනවා. ඒ වගේම අජිත්ගේ පැරණි චිත්‍රපට ගණනාවකම සඳහන් කිරීම් එක් කර තිබෙනවා. කොයි තරමටද කිව්වොත් එපා වෙන තරමටම. වාලි, ධීනා,රෙඩ්, කිරීඩම්, බිල්ලා, වේදාලම්… කොටින්ම කිව්වොත් පටන් ගත්ත වෙලවේ ඉඳන් දකින චරිත, අජිත්ගේ චරිතය වර්ණනා කරනවා විතරයි. එක අවස්තාවකදී සීමාව ඉක්මවා යන පිළිගන්න බැරි අතීතාවර්ජනයක් බලන්න සිද්ධ වෙනවා. කතාව ඇතුලෙ බිල්ඩප් යනවා ගොඩක් චිත්‍රපටවලදි දකින්න පුළුවන්. ඒත් මේකේ කතාව තියෙන්නෙ බිල්ඩප් ඇතුලෙ.

GV ප්‍රකාෂ් කුමාර් මීට පෙර ආදික්ගේ Thrisha Illana Nayanthara සහ Mark Antony චිත්‍රපටවලට සංගීතය සැපයුවා. බොහෝ දුරට මාර්ක් ඇන්ටනි චිත්‍රපටයේ අච්චුවෙන්ම මේ චිත්‍රපටයට සංගීතය එක් කර තිබෙනවා. පැරණි ගීත කිහිපයක්ම එක් එක් තැන් වලට යොදාගෙන තියෙනවා. ඩාර්කි නම් ගායකයෙකුගේ “Puli Puli” ගීතය කලක් සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක් වුණා. මොකද එහි ගී පද මෙලෝ හසරක් ඉන්දීය දමිළයෙකුට වැටහෙන්නේ නැති නිසා. ඩාර්කි මේ පද වැල් බොහෝ විට හිතළුවක් ලෙස ගොඩනගා තිබිය හැකියි.

ආදික් Nerkonda Paarvai චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුවන අතරවාරයේ අජිත් කුමාර් හමු වී ඔහුගේ කතාව කියා තිබෙනවා. අජිත් ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ රඟපෑමට කැමති වුවත් නිළ වශයෙන් නිවේදනය කිරීමට කටයුතු අවසන් වන තුරු බලා සිටියා. අජිත් Valimai සහ Thunivu චිත්‍රපට කරන අතරවාරයේ ආදික් Bhageera සහ Mark Antony චිත්‍රපට අවසන් කරනු ලැබුවා. ආදිත් මාර්ක් ඇන්ටනි චිත්‍රපටයේද යම් අවස්ථාවක තම අයිඩල් එක වුණ අජිත් කුමාර්ව වර්ණනාවකට ලක් කරනවා දකින්න ලැබුණා. ඒ වගේම ඔහු තවත් අතකින් කමල් හාසන්ගේ රසිකයෙකුද වනවා. ඔහු තෝරාගත් අතීත ගීත ලැයිස්තුවෙන් ඒ බව පැහැදිලි වෙනවා.

ත්‍රිෂා සහ අජිත් කුමාර් මෙලෙසින් එක්ව රඟන්නේ හය වැනි වතාවටයි. Ji (2005), Kireedam (2007), Mankatha (2011), Yennai Arindhal (2015) සහ අවසන් වරට Vidaamuyarchi චිත්‍රපටයේ රඟනු ලැබුවා. මින් Vidaamuyarchi හැර එකදු චිත්‍රපටයක හෝ අජිත් කුමාර් හා ත්‍රිෂා සාර්ථක යුග දිවියක් ගත කරනවා දකින්න ලැබුණේ නැහැ.

මොන තරම් අතාත්ත්වික දේවල්, කතාව ප්‍රේක්ෂකයාට සම්බන්ධ වීමට අපොහොසත් වුණත් චිත්‍රපටය ඔසවා තබන දැවැන්ත කුළුණ අජිත් කුමාර්. ආදික් අජිත්ට පැරණි චිත්‍රපටවල වගේම වෙනස්ම ආකාරයේ වේශයන්, විලාසිතාවන් ලබා දෙමින් රසිකයින්ට හිත පිරෙන්නම ලොකු සංග්‍රහයක් ලබා දීලා තියෙනවා. අජිත් මෙම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ශරීරයේ බර සැළකිය යුතු ලෙසින් අඩු කර තිබෙනවා. අජිත් කුමර්ගේ මීළඟ චිත්‍රපටය කා සමඟද යන්න තවම තහවුරු කර නැතත් Good Bad Ugly චිත්‍රපටයේ අවසන් ජවනිකාවේ AK පැමිණෙන මෝටර් රථයේ අංක තහඩුවේ AK 64 සඳහන්ව තිබෙන බව දැකගත හැකියි.

අජිත් කුමාර් පසුගිය අප්‍රේල් 29දා ඉන්දියාවේ තෙවැනි ඉහළතම සිවිල් සම්මානය වන පද්ම භූෂන් සම්මානයෙන් ගෞරවයට පත් වූවා. ජාතියේ ඉහළම සිවිල් ගෞරව අතරට අයත් පද්ම සම්මාන, පද්ම විභූෂණ, පද්ම භූෂණ සහ පද්ම ශ්‍රී ආකාරයට කාණ්ඩ තුනකින් ප්‍රදානය කෙරෙනවා. මේ පද්ම සම්මානයන් කලාව, සමාජ කටයුතු, මහජන කටයුතු, විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව, වෙළඳාම සහ කර්මාන්ත ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන් වෙනුවෙන් අයත් වෙනවා.

KGF සිනමා විශ්වයට අයත් චිත්‍රපටයකටද අජිත්ව සම්බන්ධ කරගැනීමට ප්‍රශාන්ත් නීල්ගේ අදහසක් ඇති බවට අදූසමාන ආරංචියක් දැඩිවම පැතිර යනවා. ප්‍රබල ඉන්දීය සිනමා පුවත් නාලිකා වලින්ද පළ කර තිබුණ නිසා බොහෝ දුරට එය ඇත්තක් වෙන්න පුළුවන්. ඒ අතරම සිවා ද නැවත වරක් තම ප්‍රියතම නළුවාව අධ්‍යක්ෂණය කරන්නට කැමැත්තෙන් සිටින බවක් සඳහන් වෙනවා. ඒ කොහොම වුණත් අජිත්ගේ ජන්ම දිනය දවසේ වත් මීළඟ චිත්‍රපට සම්බන්ධව කිසිම යාවත්කාලීන කිරීමක් ලැබුණේ නැහැ.

Vidaamuyarchi චිත්‍රපටයේ අජිත්ගේ චරිත රංගන දක්ෂතාවය මනා ලෙස ඉස්මතු කර පෙන්වා තිබුණා. ඒත් ඉන් බහුතර රසිකයින් පිරිසක් සෑහීමට පත් වූයේ නැහැ. කොහොම වුනත් මේ කනස්සල්ල එතරම් ගණනකට නොගත්තේ ළඟ ළඟම එන ගුඩ් බෑඩ් අග්ලි චිත්‍රපටයෙන් තමන්ගේ බලාපොරොත්තු ඉටු වේවි කියලා හිතලයි. ඔව්, රසිකයින්ගේ ඒ බලාපොරොත්තු ආදික් සුන් වෙන්න දුන්නෙ නැහැ. ඒත් සාමාන්‍ය සිනමා රසිකයෙක්ට මේක බලාපොරොත්තු කඩ වීමක්. මොකද ඊට ප්‍රධානම හේතුව ආදික්ගේ මීට පෙර චිත්‍රපටය මාර්ක් ඇන්ටනි. මාර්ක් ඇන්ටනි සාර්ථකත්වයට ප්‍රබල හේතුවක් වුණේ SJ සූර්යාගේ රංගනය. ඒත් මේ ගුඩ් බෑඩ් අග්ලි හුදෙක් තමන් අදහන නළුවාගේ අතීත චිත්‍රපට කොටස් සඳහන් කරමින් කළ වන්දනාවක් විදියටයි මම දකින්නේ. කොහොම වුණත් පැය දෙකයි විනාඩි 15ක් විතර දිවෙන මේ චිත්‍රපටය කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් ඇක්ෂන්, කොමඩි චිත්‍රපටියක්.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු නවින් (Baiscopelk)
IMDb 6.6 /10 8,757 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ajith Kumar isAK 'Red Dragon'
AK 'Red Dragon'
Arjun Das isJohnny / Jammy
Johnny / Jammy
Sunil Varma is'Baby' Tyson
'Baby' Tyson
Prabhu isJayaprakash
Jayaprakash
Prasanna isJaeger
Jaeger
Simran isPriya
Priya

Similar titles

Devils (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rocky Handsome (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maaran (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Heart of the Sea (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rani: The Real Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Promised Land (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kanthaswamy (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Looop Lapeta (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Three Kings (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Nuwan May 10, 2025 Reply

    ❤️👍

  • Kushan May 11, 2025 Reply

    Thanks bro

Leave a Reply to Kushan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published