EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Good Will Hunting (1997) | නිසි මග කරා.

අදනම් ඔන්න මන් අරන් ආවේ පට්ටම කතාවක්. මන් මෙතෙක් sub කරපු හොදම ෆිල්ම් එක කිව්වොත් වැරද්දක් නැහැ. ඒත් ඉතින් මේක ටිකක් පරණයි. 1997තේ. ඒත් ඉතින් IMDb වල 8.3ක rating එකක් මේකට තියෙනවා. මේකට මෙච්චර කල් කවුරුත් sub නොදාපු එකත් පුදුමයක්. තවත් ටිකක් කියනවනම්, මේකට ඔස්කාර් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන 22ක් හිමි කරගෙන තියෙනවා. ඒ වගේම මෙය සම්මාන 52ක් සදහා යෝජනාවද පැවතියා. මේකේ ප්‍රධාන චරිත රගදක්වන්නේ Matt Damon, Robin Williams හා Stellan Skarsgård.

මේකේ කතාව ගැනත් ටිකක් කිව්වේ නැත්නම් ඒක ලොකු අඩුවක්නේ. මේ කතාව ගෙතෙන්නෙ ඉගෙනගන්න ගොඩක් ඉහල හැකියාවක් තියෙන ඒත් ඒකට කිසිම උනන්දුවක් නැති කොල්ලෙක් වටා. කොහොමහරි අහම්බයෙන් මෙයාගේ හැකියාව මහාචාර්යවරයෙක් හදුනාගත්තත් එයාව හරි මාර්ගෙකට ගන්න මනෝවෛද්‍යවරයෙකුගේ සහාය ගන්න එයා උත්සහා කරනවා. ඒත් අර කොල්ලෝ ඒ කිහිප දෙනෙක්ව පන්න ගන්නවා. කොහොමහරි අන්තිමට එයාව තේරුම්ගන්න කෙනෙක්ව හම්බෙනවා. අන්තිමට එයාලට පුළුවන් වෙනවා මේ කොල්ලට තමුන්ගේ ඇත්ත තත්වය තේරුම් කරලා දෙන්න. ඉතින් ඒ කොහොමද කියල ඔයාලම මේක බලලම දැන ගන්නකො.

Comments