EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Govinda Naam Mera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

විකී කෞෂාල්, භූමී සහ කියාරා ඇඩ්වානී ප්‍රධාන රංඟනයෙන් දායක වන, සහ Direct OTT මාධ්‍යයෙන් පැමිණි Govinda Naam Mera (මගේ නම ගෝවින්දා) චිත්‍රපටයට සිංහල උපසිරැසියක් අරගෙනයි මේ ආවේ.

Comedy , Thriller ශාරණයක්ට අයත් වන මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.0ක අගයක්ද ලබාගෙන තියෙනවා. ඒවගේම මේ චිත්‍රපටය වෙනුවෙන් ආපු ගීත වලින් දෙකක්ම චිත්‍රපටයේ අඩංගු වෙන්නෙ නම් නැහැ.

ගෝවින්දා (විකී) කියන්නේ කසාද බැදපු මනුස්සයෙක්. ඒත් ගෑණි (භූමි) සලකන්නෙ නෑ. අතේ සතයක් නැති මනුස්සයෙක් නිසා. ඉතිං මේ නිසා පොර පෙම්වතියකුත් නඩත්තු කරගෙන යනවා. (කියාරා) ගොවින්දා ඔහුගේ පෙම්වතිය එක්ක ඩාන්ස් කොරියෝග්‍රැපි තමයි කරන්නේ. ඒවගේම ගෝවින්දාට තියෙනවා කෝටි ගාණක් වටින බංගලාවක්. ඒත් ඒ බංගලාවට අවුරුදු 14,15 ක ඉදලා නඩුවක් යනවා. ඒ ඔහුගේ සුළු සහෝදරයා එක්ක. ඔව්, පසුබිම් කථාත් තියෙනවා මේ චිත්‍රපටයේ.

දහන් ගැට ගහගහ ඉන්න ගෝවින්දගෙ ජීවිතේ එක පාරටම යම් සිද්ධියක් නිසා වෙනස් වෙන්න ගන්නවා. සරලවම කතාව ගැන ගෝවින්දම පවසන්නෙ මෙහෙමයි.

මම ජීවත් වෙන්නේ මුම්බායි වල.
මුම්බායි වල විශේෂත්වය වෙන්නේ,
මෙහෙ හැමෝගෙම ජීවිතේ පෙරළියක් අනිවාරෙන්ම වෙනවමයි.
හරියට අද මගෙ ජීවිතේ සිද්ධ වෙන්න යනවා වගේම.

මගේ නම ගෝවින්දා වාග්මාරේ.
ඒත් මගේ ජීවිතේ කතාව පටන්ගන්නේ, මේ බංගලාවෙන්.
මේ බංගලාවෙ පෙනුම අනුව මනින්න එපා.
මේ හොල්මන් වගේ පේන බංගලාවයි, ඉඩමයි.. කෝටි ගානක් වටිනවා.
එතකොට මම…….
ඒකෙ නීත්‍යානුකූල හිමිකරුවා.

එහෙනම් ආතල් එකේ බලන්න තියෙන්නේ. සෙකන්ඩ් හාෆ් එක එහෙම කනපිට ගැහෙන එකක්. ලයින් 2500ක වගේ උපසිරැසියක් ඉතිං. ගීත සියල්ලමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. එහෙනම් බලන්නකො.

Comments

December 21, 2022

Thank for your Sub

July 11, 2025

thanks bro sub ekata

supiri film eka