CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1135 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Gunaa (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gunaa (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 05, 1991India167 Min.
Your rating: 0
10 2 votes
Gunaa (1991) | “ දේව ප්‍රේමය ”

 

” මිනිසුන්ට හැගෙන්නට මෙය මිනිස්සුන්ගේ ආදරයක් නෙවෙයි

ඊටත් එහා ගිය පාරිශුද්ධ එකක් “

ගුනා 1991 සාමාන්‍ය ආදායමක් ලැබුණ අති විශිෂ්ට දමිළ සිනමාවක්. සමහරවිට හේතුව ගුනා එක්කම දිවාලිවලට රිලිස්වුන තවත් අති විශිෂ්ට ච්ත්‍රපටයක්වෙන රජිනිකාන්ත්ගේ තලපති වෙන්න ඇති.

මේක අයත්වෙන්නේ මනෝවිද්‍යාත්මක , ප්‍රේමාන්විත නාට්‍යමය චිත්‍රපට ඝනයටයි. අධ්‍යක්ෂණයෙන් සන්තානම් භාරති. කැමරාකරණය Venu සංස්කරණය B. Lenin හා V. T. Vijayan සංගීතය Ilaiyaraaja විසින්. කමල් හසන්, රේඛා , නවක නිළිය රෝෂිණි ප්‍රධාන රංගනයෙන් එක් වෙනවා. පලමු චිත්‍රපටයෙන් ප්‍රධාන රංගන අවස්ථාව ලැබුනත් මේ රෝෂිණි රගපෑවේ මේ චිත්‍රපටය පමණයි.

කමල් හසන් සහ ජෝන් මුලින්ම කැරලිකාරී සමයක ශ්‍රී ලංකාවේ පසුබිම් කරගත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් කළා , නමුත් තිරකතා ප්‍රශ්නක් නිසා එම ව්‍යාපෘතිය අත්හැර දැමීමට සිදුවුණා . පසුව ජෝන්, හඳුනන මානසික රෝගියෙකු පාදකකරගෙන ගුනා චිත්‍රපටයේ කතාව කරන්න ගත්තා . තිර රචනය කළේ බාලකුමාරන්. චිත්‍රපටය බොහෝ දුරට රූගතකරන ලද්දේ කොඩයිකනාල් අවට ප්‍රදේශවලයි. ඒ කොඩයික්කානල්වල විශේෂ ස්ථානයක් වුන යක්ෂයාගේ මුළුතැන්ගෙය (Devil’s Kitchen) කියන කුහරය ඇතුළත් වුනා .

මේ චිත්‍රපටය තිරගත වුනාට පස්සේ මේ ඩෙවල් කිචන් කියන කුහරය ගුනාගේ නමින් ගුනා කේව් (ගුනා කුහරය) ලෙස සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත්වුනා. ලංකාවේ අපි අතරේ මේ කුහරය ප්‍රසිද්ධියට පත්වුනේ මලයාලම් චිත්‍රපටයක්වන Manjummel Boys (2024) හරහායි.

මේ චිත්‍රපටය හොදම චිත්‍රපටය සදහා Tamil Nadu State Film Award 3වන ස්ථානය, a Filmfare Award හොදම නළුවා කමල් හසන් , Cinema Express Awards හොදම නළුවා හොදම දෙබස් රචක බාලකුමාරන් සම්මානයන්ගෙන් පිදුම් ලබනු ලැබුවා. ඒ වගේම මේ චිත්‍රපටයෙන් පසුව මනෝවිද්‍යාව පාදක කරගෙන දමිළ සිනමාවේ ච්ත්‍රපටයන් බිහිවෙන්න ගත්තා. ඒ වගේම මේ චිත්‍රපටය නිසා කොඩයික්කානල් ඩෙවල් කිචන් ගුනා කේව් වී සංචාරකයන්ගේ ප්‍රධාන තිප්පොලක් බවට පත්වුනා.

මේ චිත්‍රපටයේ තියෙන ලස්සනම ගීතය තමයි ” කන්මනි අන්බෝඩු කාදලන් ” ගීතයයි. මේ ගීතය සම්පූර්ණයෙන් රූගතකරල තියෙන්නේ මේ ඩෙවල් කිචන් නොහෝත් ගුනා කේව් එකේ. අඩි 500ක් වගේ ගැඹුරු කුහරයට රූගතකිරීම් සදහා අවශ්‍ය සෑම දෙයක්ම කඹමගින් පහලට යවල තියෙන්නේ කියලයි තියෙන්නේ. ඒ වගේම දින 45ක් පුරා මේ ගුනා කුහරයේ හා අවට රූගත කිරීම් කරල තියෙනවා.

දැන් කතාව බලමු.

ගුනා (කමල්) තමන් ජීවත්වෙන පරිසරය හා තමාගේ මව හා හිතවතුන්ගේ ජීවන රටාව නිසා මානසික අගතියට පත්වු කෙනෙක්. රෝසි ( රේඛා) ගුනාට දැඩිව ආදරය කරන විවාහකරගන්න වුනත් සූදානම් කෙල්ලෙක්. නමුත් ඇයගේ ජීවනරටාව නිසා ගුනා වුවාහයට සූදානම් නෑ. එයා සූදානම්ව සිටින්නෙත් විස්වාසය කරන්නෙත් අභිරාමි ( දෙවියන් ලෙස සලකනවා ) එයා වෙනුවෙන් එනවා ඇවිත් එයාව විවාහකරගන්නවා කියන එකයි. ගුනා දැඩිව විස්වාස කරනවා එයාගේ ආදරය මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි හේතුව “මෙය මිනිස් ආදරයක් නොවෙයි දෙවියන්ගේ ආදරයක්” නිසා කියලයි.

මේ දේව ආදරය ජයගන්නේ කොහෝමද කියල ෆිල්ම් එක බලලම දැනගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk )
IMDb 8.2 /10 3,386 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kamal Haasan is
"Gunaa" Gunasekharan
Roshini isRohini
Rohini
Rekha isRosy
Rosy
Janagaraj isGunaa's uncle
Gunaa's uncle
S. P. Balasubramaniam isCBI officer Ramaiah
CBI officer Ramaiah
Girish Karnad isDoctor Ganesh
Doctor Ganesh
Sharat Saxena isSuresh Kumar
Suresh Kumar
Ananthu isGunaa's cellmate
Gunaa's cellmate

Similar titles

Veerapandiyapuram (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Other Woman (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Perusu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thankam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminal (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles
Rautu ka Raaz (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
La La Land (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blue Is the Warmest Colour (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Love Hurts (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hey Sinamika (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published