CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

He Knows You’re Alone (1980) | “ඔහු දන්නවා ඔයා තනිවම ඉන්නේ කියලා”

 

අද අරගෙන ආවෙි Tom Hanks ගේ පළවෙනි චිත්‍රපටයකි .මෙය Armand Mastroianni විසින් අධ්‍යක්ෂණය කරන ලදි .
මෙම චිත්‍රපටය Staten Island හි ජීවත් වන Amy Jensen (Caitlin O’Heaney) නම් විවාහ වීමට සූදානම්වන තරුණියක ගැන කියවෙන කතාවක්. ඇයව Ray Carlton (Tom Rolfing) නම් ඝාතකයෙක් විසින් මැරීමට උත්සාහ කරනවා. මෙම ඝාතකයාට මනාලියන් හා ඔවුන්ගේ ළඟම පුද්ගලයින් ඝාතනය කිරීමට හරි ආසාවක් තියෙනවා. ඔහුට මීට පෙර Len Gamble (Lewis Arlt) නම් පොලිස් රහස් පරීක්ෂකවරයකුගේ මනාලිද ඝාතනය කර ඇත.Amy ගේ විවාහයට සූදානම් වන අතරතුර, ඇයගේ මිතුරන් එකින් එක ඝාතනයට ලක් වන අතර, Len මෙම ඝාතකයාව පසුපස හබා යයි.Amy ගේ හිටපු පෙම්වතා වන Marvin (Don Scardino) ද ඇයව ආරක්ෂා කිරීමට උත්සාහ කරයි.

Comments