CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2614 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
Heart of Stone (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Heart of Stone (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 09, 2023United States125 Min.
Your rating: 0
7.2 12 votes
Heart of Stone (2023) | සුපිරි නියෝජිත ස්ටෝන්ගේ වික්‍රමය

හොලිවුඩය අපේ අසල්වැසි බොලිවුඩයත් එක්ක එකතු වෙන එක අපිට ආගන්තුක දෙයක් නෙමෙයි. බොලිවුඩ් නළු නිළියන් ගොඩක් අවස්ථාවල හොලිවුඩ් චිත්‍රපටවල රඟපානවා අපි දැකලා තියෙනවා. ඒ වගේම කිං ඛාන් නොහොත් ෂාරුක් ඛාන් පවා ඉදිරියේදී හොලිවුඩයට සම්බන්ධ වන බවට ආරංචි තියෙනවා. මෙදා පාර මේ වාසනාව ලැබෙන්නේ සුපිරි බොලිවුඩ් නිළි ආලියා බාත්ට. පවුල් පසුබිමේ සහයත් එක්ක සිනමා කර්මාන්තයට යොමු උන ආලියාගේ රංගනයට මුල් කාලේ විවේචන එල්ල උනත් පස්සේ Gangubai Kathiawadi (2022)Brahmstra: Part One-Shiva (2022), Rocky Aur Rani Ki Prem Kahani (2023), RRR (2022) වගේ චිත්‍රපට වලින් දක්ෂතා පෙන්වන්න ඇයට හැකිවුනා. Heart of Stone කියන්නෙ ඇයගේ පලවෙනි හොළිවුඩ් චිත්‍රපටය කියලත් මතක කරන්න ඕන. ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ගොඩක් අයගේ ක්‍රශ් එකක් වෙන Gal Gadot අක්කා. Fast & Furious චිත්‍රපට මාලාවෙන් සිනමාවට පිවිසි ඇය මෑත කාලයේ අතිශය ජනප්‍රිය උනේ DC සිනමා විශ්වයේ වොන්ඩර් වුමන් චරිතයත් සමඟයි. ඒ වගේම ඇය රංගනයෙන් දායක උන Red Notice (2021)Keeping Up with Joneses (2016)Criminal (2016) වැනි චිත්‍රපටත් අමතක කරන්න බෑ. 2024 නිකුත් වෙන්න නියමිත ඩිස්නිලගේ Snow White ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකේ දුෂ්ට රැජිණ විදියටත් අපිට ඇයව බලාගන්න පුළුවන්. Fifty Shades of Grey චිත්‍රපට මාලාවේ ග්‍රේ මහත්මයා විදියට රංගනයෙන් දායක උන කඩවසම් නළු Jamie Dornan මෙහි ප්‍රධාන පිරිමි චරිතය විදියට අපිට බලාගන්න පුළුවන්.


Heart of Stone චිත්‍රපටය Spy/ Action / Thriller / යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. IMDb අගය 5.8ක් ලෙසත්, 82%ක ගූගල් පරිශීලක මනාපත් හිමිවෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Tom Harper විසින්. මේ මාසේ 11 තමයි චිත්‍රපටය නෙෆ්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් උනේ. ප්‍රධාන චරිත තුනට අමතරව Matthias Schweighöfer, Sophie Okonedo, Jind Lusi, Paul Ready සහ Archie Madekwe යන රංගන ශිල්පීන් එක් වෙනවා.

රටක ආරක්ෂාව කියන්නේ ඉතාමත් සංකීර්ණ වගේම වැදගත් අංශයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ලෝකය පුරා ගොඩක් රටවල් තමන්ගේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් රහස් සංවිධාන පිහිටුවාගෙන තිබෙන බව අපි දන්නවා. ඇමරිකාවේ CIA ආයතනය. ඉන්දියාවේ RAW සංවිධානය, ඊශ්‍රායලයේ Mossad, රුසියාවේ GRU වගේ බුද්ධි අංශ රැසක් තියෙනවා. ඒත් මේ හැම සංවිධානයක්ම තමන්ගේ හිතූ මනාපෙට කටයුතු කරන්න බෑ. ඔවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නීතී ඇතුලේ තමයි කටයුතු කරන්න ඕන. ඒ උනාට ලෝකේ ඉන්න දරුණු ත්‍රස්තවාදීයෝ එක්ක නීතියට කටයුතු කරන එක අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි වැඩක්. ඒ නිසා මේ වගේ දරුණු ත්‍රස්තවාදීයෝ එක්ක වැඩ කරන්න ලෝකයේ සෑම තැනකින්ම එකතු කරගත්ත නියෝජිතයෝ එන්න “චාටර්” කියලා අතිශය රහසිගත සංවිධානයක් තියෙනවා. කොටින්ම මෙහෙම සංවිධානයක් තියෙන බව සමහර රටවල බුද්ධි අංශ දන්නෙත් නෑ. මේ සංවිධානයෙන් කරන්නේ දරුණු ත්‍රස්තවාදීන්ව කිසිම හෝඩුවාවක් නැති වෙන්න විනාශ කරලා දාන එක. මෙහෙම වැඩක් කරන්න ලේසි නැතිබව ඔයාලට තේරෙනවනේ. ඒත් මේ දේවල් කරන්න චාටර් එකට අති නවීන ආයුධයක් තියෙනවා. ඒකේ නම තමයි “හාට් එක”. මේක ආයුධයක් කිව්වට මේක අතිශය සුපිරි පරිගණකයක්. මේකට ඕන තැනක තියෙන ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක් හැක් කරලා ඕනෑම තොරතුරක් ලබාගන්න පුළුවන්.

මේ අතර තමයි බ්‍රිතතාන්‍ය රහස් ඔත්තු සේවය හෙවත් MI6 එකේ නියෝතයෝ හතර දෙනෙක් කුප්‍රකට ආයුධ ජාවාරම් කාරයයෙක් අල්ලගන්න ඉතාලියට යන්නේ. ඒත් මේ මෙහෙයුම අතරතුර මෙයාලගේ උපකරණ හැක් කරන කෙල්ලෙක් නිසා මෙහෙයුම වැරදිලා මේ කට්ටිය ලොකු අවුලක පැටලෙනවා. පස්සේ මේ කෙල්ල ගැන විස්තර හොයද්දි මේ කෙල්ල ඉන්දියානුවෙක් වගේම අනාථ කෙනෙක් බවත් දැනගන්න මේ නියෝජිතයෝ හතර දෙනාට හැකි වෙනවා. ඉතිං කවුද මේ ඉන්දියානු කෙල්ල ? චාටර් එක මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද ? MI6 නියෝතයෝ මොකක් කරයිද කියලා ෆිල්ම් එක බැලුවම දැනගන්න පුළුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 5.7 /10 19,582 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Tom Harper
Director

Cast

Gal Gadot isRachel Stone
Rachel Stone
Alia Bhatt isKeya Dhawan
Keya Dhawan
Enzo Cilenti isMulvaney
Mulvaney
Joe Reisig isLars Monroe
Lars Monroe

Similar titles

අ-යා-ල-න් (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: At World’s End (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Motta Shiva Ketta Shiva (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kissing Booth 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Breed Apart (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Willoughbys (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1945 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Haunting (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badnaam (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • thilak August 17, 2023 Reply

    not play 1 and 2

Leave a Reply to thilak Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published