EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageHellboy (2004) | ආපායෙන් ආ ආරක්ෂකයා
]යක්ෂයින්ගෙ සටනට ප්‍රතික්‍රියා දක්වමින් එක සිරුරක ආත්ම දෙකක් අතරින් ආපායෙන් ආ ආරක්ෂකයා ඔයාලා හමුවට ගෙන එන්නයි මේ සූඳානම. අද බයිස්කොප් අඩවියට අරන් ආවෙ කාලෙකට කලින් නිකුත් වුනු සුපිරි ෆිල්ම් එකක්. IMDb අගය 6.8/10 ලෙස දැක්වෙන 2004 වසරෙ නිකුත් වුනු හෙල් බෝයි චිත්‍රපටය දැන් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට බලන්න පුළුවන්. හෙල් බෝයි කියලා හඳුන්වන සුපිරි වීරයාගෙ වැඩ කිඩ වලින් තමයි ෆිල්ම් එක පිරිලා තියෙන්නෙ. හෙල් බෝයිගෙ ක්‍රියාදාමයන් වලට තව එයත් එක්ක එකතු වෙනවා එළිසබත් ශර්මන්, ඒබ් සේපියන්. මෙයාලා මනුස්ස ලෝකෙ අය නෙවෙයි. ඒත් මෙයාලා හදන්නෙ මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ ලෝකය ආරක්ෂා කරන්න. අපේ ලෝකයට පිටතින් එල්ල වෙන ආක්‍රමණ වලින් මිනිසාව බේරගන්න.
නාසින් යුද්ධය සඳහා ලෝකයට පිටතින් උදව් උපකාර ලබාගත් බව කියවෙනවා. දවසක් ආචාර්ය බෘම් සහ ඇමරිකානු සොල්දාදුවො කරන වැටලීමකදි ලෝකයට පිටින් ආව හෙල් බෝයි දරුවව හොයාගන්නවා. ආචාර්ය බෘම් මේ දරුවව හදාගන්නවා. එයා ලොකු මහත් වුනාට පස්සෙ අසීමිත ශක්තියක් තියෙන කෙනෙක් බවට පත්වෙනවා. එයා කරන්නෙ එෆ්.බී.අයි. එකත් එක්ක එකතු වෙලා මේ ලෝකයට පිටින් පැමිණෙන ආක්‍රමණ වලින් ලෝකය බේර ගන්න උත්සහ කරන එක. හැබැයි එයා ක්‍රියාත්මක වෙන්නෙ ලෝකයට රහසින්. එත් සමහර අවස්ථාවල මෙයා ගැන හෙලි වෙනවා. ආචාර්ය බෘම් මාරාන්තිය අසනීපයකින් පෙලෙනවා. ඉතින් හෙල්බෝයිව රැක බලාගන්න බෘම් නිර්දේශ කරන්නෙ ජෝන් මායර් කියන තරුණ එෆ්.බී.අයි නිළධාරියව. ඒත් හෙල් බෝයිගෙ එයා ගැන ඒ තරම් මනාපයක් නෑ. ඒකට ගොඩක්ම හේතුවෙන්නෙ එයා ආදරය කරන එළිසබත් ශර්මන්ට මායර් ලංවෙන එක. ඔය අතරෙ රුසියානුවො කාලයකට ඉහත ආචාර්ය බෘම් සහ ඇමරිකන් සොල්දාදුවො නිසා බිඳවැටුන ඔවුන්ගෙ ක්‍රියාදාමය සාක්ෂාත් කරගන්න උත්සහ කරනවා. ඔවුන් නැවතත් බාහිර බලවේග උපකාරි කරගෙන මේ ලෝකය විනාශ කරන්න සැරසෙනවා. අපේ ලෝකය හා බාහිර ලෝකය අතර දොරටුවෙ යතුර වෙන්නෙ හෙල් බෝයි. ඉතින් ඔවුන්ට ඒ සඳහා හෙල් බෝයිව අවශ්‍යය වෙනවා. හෙල් බෝයි උපතින් යක්ෂයෙක් වුනත් ආචාර්ය බෘම්ගෙ පිය සෙනෙහස ඔහුව මනුෂ්‍යයෙක් තත්වයට පත් කරලා.
ඒත් හැමදේම වෙනස්වෙන්න පුළුවන් ලෝකයක් මේ. හෙල් බෝයිට තමන්ගෙ අතීතය අමතක කරලා ඒකෙන් ගැලවිලා මේ ලෝකයේ හා මිනිස්සුන්ගෙ සුරක්ෂිතභාවය තහවුරු කරන්න පුළුවන් වෙයිද?
- Hellboy (2004)
- Hellboy II: The Golden Army (2008)
- Hellboy (2019)
- Hellboy: The Crooked Man (2024)












