EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
He’s Out There (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Bruce Speyer, Chi Fung, Erin French, Mark Lukac, Nadia Guglieri, Quinn Lasher
Cast
Go Full Cast PageHe’s Out There (2018) | මනෝ ව්‍යාධිකයෙකුගේ භිහිසුණු ක්‍රියා කලාපය
මේක සම්පූර්ණයෙන්ම රූප ගත කරල තියෙන්නෙ කැනඩාවේ මොන්ට්‍රියල් ප්‍රදේශයේ සුන්දර පලාතක. The Strangers (2008), Vacancy (2007), Them (2006), The Silent House (2011), High Tension (2003), You’re Next (2011), Kidnapped (2010) වගේ චිත්‍රපටි බලපු කෙනෙක්නම් අනිවාර්යෙන්ම මේකට කැමති වෙයි. මොකද මේකත් ඒ වර්ගයේම චිත්‍රපටයක් නිසා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Quinn Lasher කියන නවක අධ්‍යක්ෂකවරයෙක් විසින්. ඒ වගේම මේක ඔහුගේ පළමු නිර්මාණයද වෙනවා. ධාවන කාලය පුරා පැයකුත් විනාඩි විසි නවයක් දිවයන මෙහි ප්‍රධාන චරිතය සඳහා The Predator (2018), I,Frankenstein (2014), Killer Elite (2011) වැනි චිත්‍රපට වල රඟපෑ Yvonne Strahovski කියන ඕස්ට්‍රේලියානු නිළිය රංගනයෙන් දායක වී තිබෙනවා, ඊට අමතරව Anna Pniowsky, Abigail Pniowsky සහ Ryan McDonald කියන නළු නිළියන් සෙසු චරිත සදහා දායක වෙලා තියෙනවා. Imdb අගය 5.2ක් සහ Google පරිශීලකයන් මෙයට 77% ක මනාපයක් ලබා දී තිබෙනවා. මේක අයත් වෙන්නේ Horror | Thriller යන කාණ්ඩ වලට.
අම්මයි එයාගෙ පුංචි දුවල දෙන්නයි එක්තරා දුර බැහැර ප්‍රදේශයකට යනවා සති අන්ත නිවාඩුවක් ගත කරන්න කියල හිතාගෙන. මෙයාලගෙ තාත්ත ඒ අවස්තාවේ මෙයාලත් එක්ක ඒ ගමන යන්න එන්නෙ නෑ. තාත්තාගෙ පසුවට පැමිණීමේ පොරොන්දුවත් පිට අම්මයි දුවල දෙන්නයි පමණක් ගමන පිටත් වෙනවා. මේ යන ප්‍රදේශයේ මිනිස් වාසයක් නැති තරම්. එකම එක පවුලක් විතරයි ඒ ප්‍රදේශයේ ජීවත් වෙන්නෙ. කොහොම හරි මෙයාල මේ ගෙදර නැවතිලා ඉන්න පළමු රාත්‍රියේම හදිසියෙන් එක් දියණියක් අසනීප වෙනවා. ඉතින් මේත් එක්කම තමයි බයානක සිද්දීන් ඔක්කොම පටන් ගන්නෙ. හරි එහෙනම් මීට වඩා කතාව කීවොත් බලල වැඩක් නෑනේ. ඔයාලම බලන්නකො මොනාද ඊට පස්සෙ වෙන්නෙ කියල.











