EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHome For Rent (2023) | මරණය සොයා ගිය පිය සෙනෙහස..
තායිලන්තයේ සිදුවූ සත්‍යය සිදුවීමක් අනුසාරයෙන් නිර්මානය වී ඇති Home For Rent සිනෙමා පටය වර්ථමානයෙ තායි සිනෙමාවට අහිමි Horror ආධිපත්‍යය කිරුල නැවත ලබාදීමට සමත්වූ චිත්‍රපටයක් ලෙසයි විචාරක පැසසුමට පවා ලක් වී තිබෙන්නේ.. වැඩිය වටේ තලන්නෙ නැතුව අපි බලමු කතාවෙ මොකද වෙන්නෙ කියල..
නින්ග්, හරි හමන් ජොබ් එකක් නැතුව ආර්ථික වශයෙන් පහලටම වැටිල තියෙන වෙලාවක තමන්ගෙ ගෙදර කුලියට දීල එදාවේල හොයාගෙන, බැංකු ණය ටිකත් ගෙවාගෙන ඉන්න උත්සහ කරන දිරිය කාන්තාවක්. හැබැයි හිගන්නගෙ පාත්තරේට හෙනහුරා පාත් වුනා වගේ නින්ග්ගෙ ගෙදර කුලියට හිටපු අය මේ ගෙදර නැතිබංගස්තාන කරල තමයි යන්නෙ. නින්ග් මේ නිසා තවත් අවුලෙන් අවුලට පත්වෙනව. ඒ නිසා නින්ග් කල්පනා කරනවා ක්වීන්, එහෙමත් නැත්නම් නින්ගෙ ස්වාමිපුරුෂයාගෙ ගෙදර කුලියට දීල හරි බැංකුවේ ණය ටික ගෙවල දාන්න.හැබැයි සිද්ධ වෙන්නෙ මොවුන් හීනෙකින්වත් නොසිතූ දෙයක්. මොවුන්ගේ මේ නිවසෙ කුලියට පැමිනෙන්නෙ එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. ඇත්තටම මේ අය මේ නිවසට කෙල හලන්නෙ මාස ගානක් තිස්සෙයි. ඒකටත් විශේෂ හේතුවක් තියෙනව. නැත්තන් දෙයියනේ දහස් ගානක් ගෙවල් තියාගෙන මේ ගෙදරටම කෙල හලයිද.. ඉතින් ඇයි මෙයාල මේ ගෙදරටම එන්නෙ.. ඇයි ක්වීන් මේ ගෙදර කුලියට දෙන්න අකමැතිවෙන්නෙ. මොකක්ද ක්වීන් තමන්ගෙ බිරිදගෙන් සගවන රහස. මේ රහස් ඔක්කොටම උත්තර පුරා පැය දෙකකට ආසන්න කාලයක් මේ චිත්‍රපටය නැරබීමෙන් දැනගත හැකියි.
2023 අප්‍රියෙල් 6 වනදා නිකුත් වූ Home For Rent තායි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Sophon Sakdaphisit විසින්. මෙහි නින්ග් ලෙස ජනප්‍රිය නිලි Nittha Jirayungyurn හා ක්වීන් ලෙස Sukollawat Kanarot ප්‍රධාන චරිත වලින් රංගනයෙන් දායක වනවා. මෙහි IMDB අගය 6.7 ක් ලෙස සදහන් වනවා. ඉතින් මුල සිට අගට කිසිම කම්මැලිකමක් නැතිව නැරඹිය හැකි මෙය ඔබ Horror රසිකයෙක් නම් නොවරදවාම රස විදිය යුතු නිර්මානයක්.











