EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
I Swear (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kirk Jones
Country:Ireland, United Kingdom
Year:2025
Subtitle By: ෂයිනි යෙහාරා (CineSubz.lk)
Country: United Kingdom
Cast
Go Full Cast Pageමම වචන කියනවා...
ඔන්න අද අරගෙන ආවේ වෙනස්ම විදියේ කතාවක්.
අද ගෙනාව ෆිල්ම් එක තමයි I Swear කියන 2025 ආව ෆිල්ම් එක.
මේක biography, drama කැටගරි වලට අයත් වෙන ඇත්ත කෙනෙක් මත පදනම් උන අර්ථවත් ෆිල්ම් එකක්.
මේකට IMDB 7/10ක් කියන ඉහළ අගයක් ලැබිලා තියෙනවා.හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාර ගොඩක් තියෙන ෆිල්ම් එකක්. ඒ වගේම මේක ස්කොට්ලන්ත ෆිල්ම් එකක්.
කතාව මෙහෙමයි,
ජෝන් කියලා කෙනෙක් ඉන්නවා. එයා සම්මානයකින් පිදුම් ලැබීමකින් තමා කතාව පටන් ගන්නේ.ඊටපස්සේ එයාගේ අතීතය පෙන්නනවා. එයා ඒ සම්මානය ගන්න තැනට වෙනක කොච්චරටම සමාජෙන් දුක් පීඩා විඳලා තියෙනවද කියලා තමයී ඒවාගේ තියෙන්නේ. එයා ළමයෙක් වෙලා ඉද්දි එයා ෆුට්බෝල් ගැහුවා. ඒ අතරෙදි එයාට හැදෙනවා Tourette’s Syndrome (ටුරෙට් කියන තත්වය). එයාට ඒක නිසා ගොඩාක් සමාජේ නින්දා අපහාස විඳින්න වෙනවා. තමන්ගේ දෙමාපින් ඒ අතරේදි වෙන් වෙනවා.ඒක ජෝන් දකින්නෙත් එයාගේ වැරැද්දක් විදියට. ජෝන්ගෙ අම්මාත් ජෝන්ට අවුල් විදියට සලකනවා ජෝන් කරන දේවල් නිසා. ඒ කාලේ ගොඩාක් අය, සමාජේ බහුතරයක්ම ඒ ටුරෙට් කියන තත්වය ගැන දන්නේ නෑ.
කොහොමහරි ජෝන්ට එයාගේ යාලුවා මරේගේ ගෙදර ඉඳන් එයාගෙ පවුලේ සෙනෙහස විඳින්න අවස්තාවක් හම්බෙනවා. මරේගේ අම්මා ඩොටී තමා ගොඩාක්ම දේවල් කරන්නේ. තමන්ගේම අම්මටත් වඩා ආදරයක් ඩොටීගෙන් ජෝන්ට ලැබෙනවා.
ජෝන් ඩොටීගේ මග පෙන්වීම යටතේ ජොබ් එකකට යනවා. ඒකෙන් එයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඒ අතරේ ගොඩාක් කරදර වලට ජෝන්ට මුහුණ දෙන්න වෙනවා.එයාට වගේම ටුරෙට් තියෙන අයව එයාට හම්බෙනවා. එයා ඒ අයට උදවු කරනවා. ඒ තත්වය තියෙන අනිත් අයව තේරුම්ගන්න ජෝන්ට ගොඩක් පුලුවන් උනා.
මේක සත්‍ය කතාවක්. ඩොටී සහ ජෝන්ගේ බැඳීම අදටත් තියෙනවා. ඒ වගේම ජෝන්ට ආව බාධා, කරදර, ඒවාත් ඇත්ත.
මේ කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තමයි “තමන් තමන්ට ආදරේ කරන්න ඕනේ” කියන එක.
ජෝන්ගේ ජීවිතය සහ එයාට මූණ දෙන්න උන අභියෝග වගේම ඒවාගෙන් අපි ගන්න ඕනේ දේවල් මොනාද කියන එක ඔයාලාම බලලා දැනගන්න කියලා මම ආරාධනා කරනවා.










