EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Indiana Jones and the Dial of Destiny (2023) | ඉන්ඩියානා ජෝන්ස් සහ දෛවයේ මුහුණත

අද මේ අරගෙන එන්නේ හැමෝම වගේ දන්න කියන කතා මාලාවක් වන Indiana Jones කතා මාලාවේ අවසාන චිත්‍රපටියේ සිංහල උපසිරසි. ඉතින් මේ වෙනකොට මේ ෆිල්ම් එකත් ඇතුළුව මේ කතා මාලාවට චිත්‍රපටි 5ක් අන්තර්ගත වෙනවා.

• Raiders of the Lost Ark (1981)
• Indiana Jones and the Temple of Doom (1984)
• Indiana Jones and the Last Crusade (1989)
• Indiana Jones and the Kingdom of the Crystal Skull (2008)
• Indiana Jones and the Dial of Destiny (2023)

ඉතින් අවුරුදු ටික දිහා බැලුවාම පෙනවා ඇතිනේ අවුරුදු 40ක් විතර මේ චිත්‍රපටි ටික හදන්න ගිහින් තියෙන බව. ලාංකීය අපට ඉන්ඩියානා ජෝන්ස් කියන එක සුවිශේෂ වෙන්නේ මොකද ඒකේ සමහර ෆිල්ම් වල (විශේෂයෙන්ම දෙවෙනි චිත්‍රපටියේ) ලාංකීය සහ බොලිවුඩ් නළු නිළියන් පවා යොදාගෙන හ්ටියෙනවා. කොහොම නමුත් මේකේ නම් ඒක දකින්න ලැබෙන්නේ නෑ.

චිත්‍රපටියට මේ වෙනකොට IMDb දර්ශකයේ 6.8ක අගයක් සහ Rotten tomatoes දර්ශකයේ 55%ක අගයක් ලැබිලා තියෙනවා. මීට කලින් ෆිල්ම්ස් හතරම අධ්‍යක්ෂණයේ සුප්‍රකට අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් වුණත් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ James Mangold විසින්. කොහොම නමුත් ඉන්ඩියානා ජෝන්ස් චරිතයට පණ පොවන්නේ නම් සුපුරුදු පරිදි Harrison Ford ම තමයි. මීට අමතරව Antonio Banderas, Karen Allen, John Davis, Toby Jones, Phoebe Waller වැනි අයත් රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව ගැනත් පොඩි විස්තරයක් කියලා හිටින්නම්. මේකෙදී අපට දකින්න ලැබෙන්නේ වයසට ගිය ඉන්ඩියානා ජෝන්ස් කෙනෙක්. නමුත් වයසට ගියා කියලා වැඩවල නම් වෙනසක් නෑ. මේකේ කතාව ගෙතිලා තියෙන්නේ ආකිමිඩිස් විසින් නිෂ්පාදනය කරපු “ඇන්ටිකයිතීරාව” නම් උපකරණයක් වටා. මේකෙන් පුළුවන් – සරලවම කියනවා නම් – අතීතයට කාලතරණය කරන්න. ඉතින් මේකේ ප්‍රධාන හතුරා තමයි ජර්ගන් වොලර් කියලා නාසිවාදියෙක්. එයාට ඕනේ මේ ඇන්ටිකයිතීරාව පාවිච්චි කරලා හිට්ලර් දෙවෙනි ලෝක යුද්ධය දිනවන්න. ඉතින් මේ ඇන්ටිකයිතීරාව එයාලා හොයාගන්න කලින් හොයාගෙන එයාලව නවත්තන එක ඉන්ඩියානා ජෝන්ස්ට බාරයි. සෑහෙන කාලයක් තිස්සේ එයාගේ වික්‍රමවලින් ඈත් වෙලා ගිය, නාකි වෙච්ච ඉන්ඩියානා ජෝන්ස් කෙනෙක්ට මේක කරන්න පුළුවන් වෙයිද? ඒක ඉතින් ෆිල්ම් එක බලලම හොයාගන්න.

Comments