EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Indiana Jones and the Last Crusade (1989) |කුසලානය සොයා

Indiana Jones and the last crusade(1989) මේ කතා මාලාවේ එන තුන්වැනි චිත්‍රපටය යි. IMDb Ratingsවල 8.3 ක අගයක් ලබාගෙන ඇති මෙය සම්මාන සහ නිර්දේශ ‍රැසකට ම හිමිකම් කියනවා. එමෙන්ම IMDb හි හොඳම චිත්‍රපට 250 අතුරින් මෙය 98 වැනි ස්ථානය හිමි කර ගැනීමට ද සමත්කම් කියනවා.

අනිත් කොටස්වල දි වගේම මෙවරත් ඉන්ඩියානා හමුවේ අභියෝග ‍රැසක් දිග හැරෙනවා. හැබැයි මේ සියල්ල ම යොමුවන්නේ එක් නිශ්චිත ඉලක්කයක් වෙතට යි. මෙවර ඉන්ඩියානාගේ ඉලක්කය වෙන්නෙ යේසුස් වහන්සේ පරිහරණය කළ කුසලානය සොයා ගැනීමයි. හැබැයි ඒක හැබෑවට ම ඉන්ඩියානාගේ ම අවශ්‍යතාවක් කියල කියන්නත් අමාරුයි. බල තණ්හාවෙන් ඔද්දල් වූ මිනිසෙකුත් මේ පිටිපස්සෙ ඉන්නවා. එහෙම නම් ඔයාල ම චිත්‍රපටය අරගෙන බලන්නකො. මං මෙහෙම කියනවට වඩා ඒක වටිනවා.

Comments