EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Iraivan (2023) | වියරු ඝාතකයා සහ නිර්භය පොලිස් නිලධාරියා.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

පොලිස් නිලධාරියෙකුට හදිසියේම හෘදයාබාධයක් හටගැනීම නිසා රෝහල් ගත කරන අතර ඔහුගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණි පොලිස් කොමසාරිස්වරයා හට මේ අවුරුදු තිස්දෙකක සේවාකාලයක් ඇති පළපුරුදු පොලිස් නිලධාරියා පහත ආකාරයට කම්පන සහගත ප්‍රකාශයක් සිදුකරයි.

පපුවේ අමාරුවක් හැදෙන්න තරමට ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද?

සර් මම ඔයාට දෙන්න බ්‍රහ්මා ගැන අලුත් වාර්තාවක් හද හදා හිටියේ සර්.
ඒක හදද්දි මම සෑහෙන ආතතියකින් හිටියේ, සතියක් විතර හරියකට නිදාගත්තෙත් නෑ.
මගේ මේ අවුරුදු 32 සේවා කාලයටම මේ වගේ මිනිමැරුවෙක්ව මං දැකලා නෑ සර්.
සෑහෙන බය හිතෙනවා සර්.
මට තවත් මේක කරන්න බෑ සර්, මටත් තරුණ දුවලා ඉන්නවා සර්.
හිරෙන් පැනලා ආවාට පස්සේ ඌ තවත් දරුණු විදියට මිනිමරනවා සර්.
මේ ලඟදි රාජි කියලා කෙල්ලෙක්වත්, මගේ යාළුවෙකුගේ දුවෙක්!
දරුණු විදියට වද දීලා මරලා දාලා මිනිය හම්බුනා.
කලින් කරපු මිනිමැරුම් වලදි මිනිමරුවා මිනිමැරුම කරලා එහෙම්ම අතඇරලා දානවා.
ඒත් දැන් ඌ මරපු කෙල්ලන්ගේ පවුල් වල අයවත් ඉලක්ක කරනවා.
රාජි මැරිලා දවස් දෙකක්වත් වුනේ නෑ.
කෙල්ල අන්තිමට ඇඳගෙන හිටපු ලේ පැල්ලම් තියෙන ඇඳුමයි. පෙන් ඩ්‍රයිව් එකකුයි පාර්සල් කරලා යවලා.
පෙන් ඩ්‍රයිව් එක ඇතුලේ කෙල්ලට වද දිදි මරණ හැටි වීඩීයොවක් තිබිලා සර්.
සර් අපි පොලිස්කාරයෝ සර්, සිවිල් මිනිස්සුන්ට වඩා අපට දරාගැනීම වැඩිපුර තියෙනවා.
මගෙ මේ සේවා කාලයට මම කොච්චර අපරාධ දැකලා තියෙනවද සර්?
එහෙම ඉන්න මටම මේක දරාගන්න බැරිවුනා සර්.
එතකොට ඒ කෙල්ලව වදාපු අම්මට කොහොම දැනෙනවා ඇතිද?
ඒ අම්මා ගිණි තියා‍ගෙන මැරුනේ සර්.

මේ වසරේ සැප්තැම්බර් මස සිට තිරගත කරන ලද IRAIVAN සිනමාපටයේ ඇති ජවනිකාවක් ඉහතින් උපුටා දක්වා ඇත. ත්‍රාස රසය නොඅඩුව සපයන psychological thriller වර්ගීකරණයට අයත් මෙම සිනමාපටයේ Jayam Ravi සමඟින් Nayanthara යන නළු නිලි දෙපල විසින් ප්‍රධාන චරිතයන් හොබවන අතර මිශ්‍ර ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වූ ‍මෙම චිත්‍රපටය තිරගත වුණා.

psychological thriller වර්ගීකරණයේ සිනමා රසිකයින්ට මෙම චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳව යම් අදහසක් ගැනීම උදෙසා ඉහත දෙබස් ඛණ්ඩය උපුටා දැක්වු අතර Action, Thriller දමිළ සිනමාපට රසිකයින්ටද මෙය නිර්දේශ කිරීමට හැකිය. එමෙන්ම මෙම සිනමාපටය තුල අතිසංවේදි දර්ශන තිබෙනා නිසා කුඩා දරුවන් සමඟින් නැරඹිමේදි සැලකිලිමත් වන ලෙස චිත්‍රපටයේ නිෂ්පාදක මඩුල්ල පවා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments