EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Iravin Nizhal (2022) | “ අදුරු සෙවනැලි ”

දමිළ සිනමාවේ අත් හදා බලන නලුවෙක් අධ්‍යක්ෂකවරයෙන් හා නිෂ්පාදකයෙක්නම් ඒ R. Parthiban තමයි. එදා ඉදල අද වෙනකම් පාර්තිබන්ගේ චිත්‍රපටයක මොකක් හරි පණිවිඩයක් දැක ගන්න පුලුවන්.. මෑතක පාර්තිබන්ගේ චිත්‍රපට සියල්ලම කතාබහට ලක්වුන ඒවා වුනා, ඉතින් ඔන්න ඒ වගෙම කතා බහට විතරක්ම නෙවෙයි ඉන්දිය වාර්තාපොතටත් ඇතුල්වුන චිත්‍රපටයක් තමයි මේ Iravin Nizhal (2022) දමිළ චිත්‍රපටය. මොකක්ද මේකේ විශේෂතවය වාර්තා පොතට යන්න තරම් ? ඒ ඉන්දියාවේ ප්‍රථම non-linear single shot film ( රේඛීය නොවන තනි රූගතකරනලද චිත්‍රපටය. ) දන්න විදියට කියනවනම්. එක සීන් එකක් නොනවත්වා ඒ සීන් එක ඉවරවෙනකම්ම රූගත කිරීමක් කරන්නේ.. ( මිට වඩා පැහැදිලි කරන්න කෙනෙක් දන්නවනම් කොමන්ට් එකක් දාන්න ) . මේකේ නිෂ්පාදනය, කතාව , සහය සංස්කරණය හා අධ්‍යක්ෂණයත් R. Parthiban විසින්ම මෙහෙයවල තියෙන්නේ. සංගීතය A. R. Rahman විසින්. ප්‍රධාන චරිතයන් මෙහෙයවන්නේ

 

චිත්‍රපටිය රාමු 136228 කින් සම්පුර්ණයෙන්ම රූගත කරල තියෙනවා. ඒ වගේම මේ නිෂ්පාදනය සඳහා විශාල අයවැයක් දරන්න වෙලා තියෙනවා කියලයි කියන්නේ. ඒ OMR වල අක්කර 75 ක භූමියක රූගතකරන ස්ථාන 50 ක් සූදානම් කරන්නයි. චිත්‍රපටයේ රූගත කිරීම්වලට පෙර දින 90ක පමණ පෙරහුරුවකුත් කරල තියෙනවා.

Iravin Nizhal (2022) Sinhala Sub

කතාව බලමු.

කෙටියෙන් කියනවනම් අපේ හැමෝගේම ජීවිතවල අදුරු පැතිකඩක් තියෙනවා. ඒවා එක එක මොහෝතවල එලියට එන්න ගන්නවා. ඒවා අඩු වැඩි වෙන්නේ අපේ උපත හා හැදෙන පරිසරය අනුවයි. ජීවිතය ජය ගන්නේ කොහෝමද සාර්ථක කරගන්න ඕනෙ කොහෝමද නැතනම් අවසාන කාලය කොහෝම වේවිද ? බලලම දැනගන්න..

Comments