EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ganesh Selvaraj, Sivam Rajamani, Yuvaraj Dhayalan
Cast
Go Full Cast PageIrugapatru (2023) | වෙන් නොවී ඉන්න!
මේ චිත්‍රපටයේ යුවල තුනකගේ, කතා තුනක් විදියට දිවෙනවා. මිත්‍රා නම් විවාහ උපදේශිකාව, ඇයගේ සැමියා මනෝ රණ්ඩු නැති විවාහ ජීවිතයක් ගෙව්වා. රංගේෂ් සහ ඔහුගේ බිරිඳ පවිත්‍රා යුගලයත්, අර්ජුන් සහ දිව්‍යා යන යුගලයත් අතරේ යම් යම් හේතු නිසා රංඩු ඇතිවෙලා තිබුණා. මේ යුගලයන් දෙක විවාහ උපදේශනය වෙනුවෙන් මිත්‍රාගේ ළඟට එනවා. මිත්‍රාට මේ යුගලයන්ගේ ප්‍රශ්න, පැටලිලි විසඳලා සතුටු ජීවිතයක් ගත කරන්න මග පාදලා දෙන්න පුළුවන් වෙයිද? මෙයින් සාකච්ඡාවට ගන්න මාතෘකාව වෙන්නේ ආරවුල් ඇති සැමියා බිරිඳ දෙපළට තියෙන අවසාන විකල්පය දික්කසාදය ද යන්නයි. ඒත් ඊට වඩා ආදර්ශයක් දෙන දේවල් මේ කතාවේ අන්තර්ගත වෙනවා. ගොඩක් අයට වැදගත් වෙයි.
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ යුවරාජ් දයාලන්. Thenaliraman (2014), Eli (2015) කියන හාස්‍යජනක චිත්‍රපට මේ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කළා. ජස්ටින් ප්‍රභාකරන් මීට සංගීතය මුසු කරනු ලැබුවා. යුවන් ශංකර් රාජා “පිරියාදිරු” ගීතය ගායනා කරනවා.
Irugapatru (2023) Sinhala Subtitles
මෙහි වික්‍රම් ප්‍රභූ, ශ්‍රද්දා ශ්‍රීනාත්, විදාර්ත්, ශ්‍රී, ඇබර්නතී, සානියා අයියප්පන් ප්‍රධාන චරිත රඟපානවා. වියෝ වූ මනෝබාලා ද මෙහි චරිතයක් රඟ දක්වනවා. නමුත් ඔහු වෙනුවෙන් හඬ වෙනත් අයෙකු විසින් අනුකරණය කර ලබා දී තිබුණා. මේ චිත්‍රපටයේ ශ්‍රද්දා ශ්‍රීනාත්ගේ චරිතය මුලින්ම කිරීමට එකඟ කර තිබුණේ නයන්තාරා. Jawan (2023), ඇයගේ මංගල හින්දි සිනමාපටය නිසාවෙන් ඇයට මේ සඳහා ඉඩකඩ සලසා ගැනීම අපහසු වුණා.
Irugapatru (2023) Sinhala Subtitles
පසුගිය වසරේ ඔක්තෝබර් 6 දා නිකුත් වුණ මේ චිත්‍රපටයට අධික වශයෙන් ධණාත්මක ප්‍රතිචාර හිමි වුණා. Imdb වෙබ් අඩවියෙන් මීට ලැබී තිබෙන රේටින් අගය 8.1/10ක්. බොක්ස් ඔෆිස් ආදායම් වශයෙන්ද සාර්ථක ආදායමක් උපයා ගත්තා. ඒ වගේම 2023 වසරේ හොඳම චිත්‍රපට 10 විදියට ලැයිස්තුවක් හැදුවොත් මේ චිත්‍රපටිය ඒ ලැයිස්තුවේ ඉඩක් වෙන් කරගෙන තියෙනවා.
Irugapatru (2023) Sinhala Subtitles





