EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

It’s a Wonderful Life (1946) |ජීවිතය චමත්කාරයි…

මීට අවුරුදු 66ට පෙර තිරගත උන ලස්සණ චිත්‍රපටියක් ගැනයි. 1946 දී තිරගත උන මෙය ඇමරිකාවේ එදා මෙදාතුර නිපදවූ චිත්‍රපට අතර පළමු තැන හැටියට ඇමරිකානු සිනමා ආයතනය නම් කර තියනවා. ඒ වගේම මේ වන විට IMDb එකේ මනාප 144,729ක් ලබාගෙන 8.7/10 ක රේන්ටින් එකකුත් එක්ක ශ්‍රේණිගතකිරීම්වල 31 වන තැන ලබාගෙන තියනවා. වැඩි විස්තර මෙතනින් බලන්න පුළුවන්…

ඒවගේම මෙය 1946 දී තිරගතවෙලා තියෙන්නේ කළු සුදු චිත්‍රපටියක් ලෙස උනත් 1986 දී වර්ණ චිතපටයක් බවට පත්කර තිබෙනවා. ලංකාවේ වගේ නැවත නිෂ්පාදනයක් නෙමේ. පරණ පිටපතම වර්ණ ගැන්වීමක්.

ඉතිං කතාව කෙටියෙන් කිව්වොත්, ජෝර්ජ් බේලී කියන්නේ සුරූපී බිරිඳක් ඉන්න, ලස්සන දරුපැටවුන් ටිකක් ඉන්න සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහු ලස්සණට ජීවිතේ ගෙවාගෙන යනකොට දෙවියන්ට පේනවා මොහුට ඉදිරියේදී කරදරකාරි කාලයක් එන බව. ඉතිං මේ විපතින් ඔහුව ගලවා ගන්න ජෝර්ගේ රැකවල් දේවතාවා (guardian angel) විදියට දෙවිකෙනෙක් එවන්න තීරණය කරනවා. ඒ එවන්න තීරණය කරන දෙවියා දෙවන පංතියේ දෙවි කෙනෙක්. ඔහුට තවමත් පිහාටු ලැබී නෑ. මේ රාජකාරිය නිසිලෙස ඉටු කලොත් දිව්‍ය පියාපත් ලබාදෙන පොරොන්දුව පිට ඔහු රාජකාරිය බාරගන්නවා. නමුත් පොළවට එන්න කලින් ජෝර්ජ් ගැන හරියටම දැනගන්න ඕනනේ. ඉතිං ප්‍රධාන දෙවියන් විසින් ජෝර්ජ්ගේ ළමා කාලයේ සිට ජීවිත කතාව කියනවා. ඔන්න ඔය කියන කතාව තමයි අපට චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ….

ඉතාම ලස්සණ කතාවක්… ආදී කාලේ ෆිල්ම් එකක් කියලා අතාරින්න එපා. කැමති අය බාගෙන බලන්න…

Comments