EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Jaane Jaan (2023) | මායා

Jaane Jaan චිත්‍රපටය 2023 වසරේ නිර්මාණය වු හින්දි භාෂා චිත්‍රපටයක්. මෙය mystery thriller ගණයේ චිත්‍රපටයක් වන අතර මෙහි තිර පිටපත සහ අධ්‍යක්ෂණය Sujoy Ghosh විසින් සිදු කර තිබෙනවා. මෙය 2005 වර්ෂයේ Keigo Higashino විසින් රචිත ජපන් නවකතාවක් වන The Devotion of Suspect X හි අනුනිර්මාණයක්.

මෙහි ප්‍රධාන රංගන දායකත්වයට Kareena Kapoor Khan, Jaideep Ahlawat සමගින් Vijay Varma එක්ව තිබෙනවා. මෙහි නිෂ්පාදන බරපැන දරා ඇත්තේ Balaji Motion Pictures සහ 12th Street Entertainment සමාගමි විසින්. ලොව පුරා බෙදාහැරිමි Netflix සමාගම විසින් සිදු කරනු ලබනවා.

මෙහි ප්‍රධාන රංගන ශිල්පින් වනුයේ,

Kareena Kapoor Khan as Maya D’Souza
Jaideep Ahlawat as “Teacher” aka Naren
Vijay Varma as Inspector Karan Anand
Saurabh Sachdeva as Ajit Mhatre, Maya’s ex-husband
Lin Laishram as Prema Kami
Naisha Khanna as Tara D’Souza
Uditi Singh as Young Maya D’Souza

චිත්‍රපටය මිනිත්තු 139 ක විකාශන කාලයකට යටත් වන අතර IMDb 7.1/10 අගයකුත් Rotten Tomatoes 71% ක අගයකුත් වාර්ථා වෙලා තියෙනවා. කතාව ගැන පොඩි හැන්විමක් කරොත්

මායා ඩිසුසා දුවෙක් ඉන්න තනි මවක්, හදිසියේම ඇයව හොයා එන ඇගේ හිටපු සැමියා හා ඔහුගෙන් ඇයට සිදු වන කරදර ඉවසාගත නොහැකි විම මත තම සැමියා ඝාතනය කරන මායා තම මිනිිමැරුම පොලිසියෙන් වසන් කිරිමට ගන්නා වු උත්සාහයේදි, තම අසල්වැසියා වු නරේන් සමග එක්ව මිනිමැරුම ඉතා සුක්ෂම ආකාරයෙන් වසන් කරනවා නමුත් ඔවුන් නොසිතු පරිදි පොලිසිය මායා පිටුපස පන්නනවා. කරන් කියන පොලිස් නිලධාරියාට පුළුවන් වෙයිද මේ මිනිමැරුම ගැන හෙලිදරව්ව කරගන්න? ඒක චිත්‍රපටිය බලලම ඔයාලා තිරණය කරන්න

Comments

October 19, 2023

Good film