CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Joram (2023) | පළායන්නා

69 වන ෆිල්ම් ෆෙයාර් උළෙලේ කතා බහට ලක් වූ චිත්‍රපටයක්.නොමිනේශන් තුනකින් ජයග්‍රහණ දෙකක් එනම් හොඳම චිත්‍රපටයට හිමි විචාරක සම්මානය සහ හොඳම කතාවට හිමි සම්මානය දිනා ගනිද්දී මෙහි ප්‍රධාන නළුවා මනෝජ් බජ්පායි හොඳම නළුවාට හිමි විචාර ක සම්මානයට නිර්දේශ උනා.IMDB 7 ක අගයක් ගත් මේ චිත්‍රපටය ඉතා සරල එහෙත් ඉතා සංවේදී කතාවක් රැගත් චිත්‍ර පටයක්.ඉන්දියාවේ අති දක්ෂ චරිතාංග නළුවන් අතලොස්සෙන් කෙනෙක් වන වන මනෝජ් බජ්පායි ගෙ බොන්ස්ලේ චිත්‍රපටයට මම මීට කලින් උපසිරැසි රැගෙන ආවා. එහි අධ්‍යක්ශක දේවශිශ් මකිජා සහ බජ්පායි සුසං‍යෝගය මෙම චිත්‍රපටයත් ගෙන එනවා. දෙබස් වලට වඩා රඟපෑමට මෙහිදීත් මුල් තැන ලැබෙන මේ ච්ත්‍රපටය බජ්පායි රසිකයින්ට තවත් ඔහුගේ විශිෂ්ඨ රංගනයක් දැක ගන්න පුළුවන් .

Sam Bahadur (2023) Sinhala Subtitles
ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ වනය ආශ්‍රිත දුෂ්කර ආදිවාසීන් ජීවත් වන ගමක්. එහි සිදුවන සංවර්ධනය ඔවුන්ට බලපාන්නේ හොඳටද නරකටද? ඔවුන්ගේඉඩම් ගස් වැල් ගංගා ඇලදොළ ගොවිතැන් යකඩ පතල් සහ ෆැක්ටරි බිලි වෙද්දී කඩදාසි වල නොලියවුනු දෑත් වල තිබූ ඔවුන්ගේ උරුමය අහිමි වෙද්දී , ඔවුන් දුනු හීතල වෙනුවට ආයුධ අතට ගන්නවා. ගස්වැල් ගොවිතැන් වියළී යද්දී ගංගා මිය යද්දී, ඔවුන්ගේම නායකයින් ඔන්න ගමට අධිවේග,ආරෝග්‍යශාලා, සිනමා හල්, ශොපින් මෝල් ගෙන ඒමට පිඹුරුපත් සැකසෙනවා ඒ තමයි සංවර්ධනය, එහෙත් තුවක්කුවට අකමැතිව කැරළි කන්ඩායම් වලින් ඉවත් වී සිය බිරිඳ සමග මුම්බාය බලා යන එක්තරා තරුණයෙක්.ඔහුගේ මරණය පතා පසු පස ලුහු බඳින ඔහුගේම බියකරු අතීතය හා සම්බන්ධ ඔවුන්ගේ ගෝත්‍රයේම දේශපාලන නායිකාවක් සහ ඒ තුල සිරවී ඔහු පසු පස පන්නන පොලිස් නිලධාරියෙක්.

JORAM (2023) Sinhala Subtitles
ජීවිතය බේරා ගැනීම සඳහා නැවත සිය ළදරු දියණිය සමග උපන් ගමට පැමීණෙන ඔහුට යහතින් වසන්න හැකි වෙයිද?

Comments