EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKamaro 2 (2025) | “ කාමරොට්ටු ගමේ අවතාර නැවතත්.. ”
මේක වෙන්නේ කාමරොට්ටු ගමේ සිද්ද වුනු සිද්ධියෙන් අවුරුදු 6 කට පස්සේ. (මං මෙහෙම කිව්වේ කාමරොට්ටු මුරපොලේ සිද්ධිය මතක් වෙන්න. නැත්නම් ඔයාලා බලාවි මේ මොකක්ද මේ මං කියවන්නේ කියලා.)
සාරා ත්‍රිවේදි කියන්නේ පාර මනෝ විද්‍යාත්මක පර්යේෂණ කරන පර්යේෂකවරියක්. ඉතින් මේ සාරාගේ අරමුණ වුනේ එයාගේ නැති වුනු නංගිව හොයාගන්න. ඉතින් මෙයා යනවා කාමරොට්ටු ගමට.
ආර්යා සහ ස්වාති කියන්නේ ආදරයෙන් බැදුණු ජෝඩුවක්. මේ දෙන්නා යන්නේ ඒ කාමරොට්ටු ගමේ ආර්යාගේ තාත්තාගේ කියලා සැලකෙන එක ගෙදරකට. ඉතින් මෙයාලගේ අරමුණ වුනේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය කරන දෑ හදාරන්න. ඒකට එයාලට කැලේකට යන්න වෙනවා. ඉතින් මේ ගෙදර ගත කරන කාලය ඇතුලේ නොයෙකුත් අමුතු සිද්ධි සිද්ද වෙන්න ගන්නවා.. මේගොල්ලෝ හොල්මන් වෙන්නම ඒ දේවල් සිද්ද වෙනවා. මේ ජෝඩුවට හිතාගන්නත් බෑ මේ මොකක්ද වෙන්නේ, ඇයි මෙහෙම දේවල් වෙන්නේ කියලා. මේගොල්ලෝ මේකට විසදුමක් හොයද්දි තමයි අපේ කතා නායිකාව වෙන සාරා එතනට එන්නේ.
මෙතනින් එහාට මං කියන්නේ නෑ. බලන්නකෝ.. මේ කතා දෙක එකට එකතු වෙද්දී දැනෙන ෆීල් එක කොහොමද කියලා කමෙන්ට් එකකින්ම කියන්නකෝ.
මේ කතාව තමයි කාමරොට්ටු මුරපොලේ අභිරහසේ දෙවැන්න. ඇයි මං එහෙම කිව්වේ? හේතුව තමයි මේ චිත්‍රපටය 2019 නිකුත් කරපු ‘Kamarottu Checkpost’ කියන චිත්‍රපටයේ Sequel එක වෙනවා.
ඒකේ උපසිරැසි අපේ වෙබ් අඩවියේ තියෙනවා. ඕනේ කෙනෙක්ට ඒක බලන්න පුළුවන්.
මේ චිත්‍රපටයේ නම ‘Kamaro 2’. මේ අවුරුද්දේ අගෝස්තු 22 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඒ පරමේෂ්ගෙන්. ඒ ‘Kamarottu Checkpost’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාමයි. රචනයත් එයාමයි කරන්නේ. නිෂ්පාදනය පවන් ගෞඩාගෙන්. සංගීත අධ්‍යක්ෂණය At. රවිෂ්ගෙන්. මේක අයිති වෙන්නේ හොරර් සස්පෙන්ස් ගණයට. තිර කාලය පැය 2යි විනාඩි 9යි.
රංගනයෙන් ප්‍රියංකා උපෙන්ද්‍රා, රාඝවේන්ද්‍ර රාජ්කුමාර්, ස්වාමිනාතන් අනන්ත්‍රමාන්, රාජනී භාරද්වාජ්, අනිල් බොබී, පවන් එස් නාරායනන්, නිනාසම් අශ්වත් වගේ අය රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 7.1/10ක් මෙයට ලබා දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් SUN NXT හරහා නොවැම්බර් 7 වෙනිදා මුදා හැරෙනවා.
මේක දෙවෙනි කොටසක් කියලා කිව්වනේ. එහෙම කියන්න හේතුව තමයි මේ චිත්‍රපටයේ රූගත කරපු තැන 2019 දි රූගත කරපු තැනම වෙන එක. අනිත් දේ මේකේ පරිසරය ඒ විදිහටම පාවිච්චි කරපු නිසා. ඒ හින්දා ඒකේ තියෙන තත්ත්වය ගැන දැනගන්න නම් පළමු කොටස වෙන ‘Kamarottu Checkpost’ චිත්‍රපටය බලන්න වෙයි.


