EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKaram (2025) | “ ගලවා ගැනීමේ මෙහෙයුම ”
Action & Thriller ගණයට අයත් වෙන මේ ෆිලුම නිකුත් උනේ 2025 සැප්තැම්බර් 25 වෙනිදා.. අධ්‍යක්ෂණය කරන්නේ ගොඩක් දෙනෙක්‌ගේ ආදරය දිනාගත් Hridayam 2022 ෆිලුම අධ්‍යක්ෂණය කරපු Vineeth Sreenivasan විසින්.. ප්‍රධාන නළුවා විදියට රංගනයෙන් දායක වෙන්නෙ Noble Babu Thomas විසින්.. ඔහුත් Hridayam ෆිලුමේ උප චරිතයකට හිටියා…
භාෂාව – මලයාලම්
ධාවන කාලය – 126 මිනිත්තු
රංගනය
Noble Babu Thomas
Ivan Vukomanović
Audrey Miriam Henest
Manoj K. Jayan
Reshma Sebastian
කතාව පැත්තට ගියොත්,
දේව් කියන්නෙ හිටපු හමුදා නිලධාරියෙක්.. එක්තරා මෙහෙයුමකදී අණදෙන නිලධාරියාගේ කීමට පිටින් ගියා කියලා ඔහුව සේවයෙන් අයින් කරනවා.. ඔහුගේ පෙම්වතිය තමයි සනා.. ඉතින් සනාගේ ගෙදරින් දාන ප්‍රශ්නයක් නිසා ඒ දෙන්නට වෙන් වෙන්න වෙනවා.. අවුරුදු කීපයකට පස්සේ මේ දෙන්න වෙන රටකදී ආයෙ හම්බෙනවා.. එතකොට නම් තත්වය ගොඩක් වෙනස්.. සනාව එක්තරා පිරිසක් බලෙන් පැහැරගෙන ගිහින් සමාජ ශාලාවක දාලා.. ඉතින් මේවගේ ගොඩක් ගෑණු අය මෙතන ඉන්නවා අකමැත්තෙන් ගණිකා සේවයේ යෙදෙන.. දේව් මේක දැනගත්තයින් පස්සේ තමයි පොර ඒ සමාජ ශාලාවේ අයිතිකරුවන් එක්ක ගේම ඉල්ලන්නේ…
හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ❤️












