EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Karwaan (2018) | ජීවිතයෙ අරමුණ සොයා යන ගමනක්

ෆිල්ම් එක ගැන කියනවා නම් මේක imdb වල 8.1ක් වැනි ඉතාම ඉහළ අගයක් ලැබිලා තියෙන ෆිල්ම් එකක්. ඒ වගේම මෙක comedy/drama ෆිල්ම් එකක්. ඉතින් මේක පොදු තැනක ඉඳගෙන මේක බලන්න එපා, මොකද ඔයාලට හිනහා ගියොත් මිනිස්සු බලයි මේ මොකද කියලා.

සාමාන්‍යයෙන්  සමහර comedy ෆිල්ම් තියෙනවනෙ අපිට බල කරලා හිනස්සවන්න හදන. ඒවට හිනා යන්න තමන්ම කිති කවා ගන්න ඕන. මේක ඒ වගේ විකාර තියෙන එකක් නම් නෙවෙ. සාමන්‍ය විදියට ගලාගෙන යන යම් තේරුමක් තියෙන කතාවක්. ඉතින් ඒක, එක හෙතුවක්  වෙන්න ඕන මම හිතන විදියට මේකට ඉතා ඉහළ රේටින් අගයක් ලැබිලා තියෙන්නෙත්.

තව හේතුවක් තමයි මම හිතන විදියට මෙහි ඉර්ෆාන් ඛාන් රඟපාන ශෞකට් චරිතය. ඒ චරිතය අපිත් එක්ක ඉන්න එක් යහළුවෙක්ගෙ චරිතයක් නිරූපණය කරනවා. ඒ කියන්නෙ අපිට ඉන්නවනෙ අපි සීරියස් වෙලා ඉන්න වෙලාවක අඟට පතට නොදැනී කට කැඩිච්ච කතා කියන යහලුවෙක්. ඉතින් ඒ වෙලාවට අපිට හිතෙන්නෙ හොම්බට දෙකක් අනින්න. ඒ වගේම කොහේ හෝ ගියාම ඕනම කෙනෙක් එක්ක යාලු වෙනව ඉක්මනටම. ඕනම නම් පිටසක්වල ජීවියෙක් උනත් විනාඩියෙන් යාළු කරගන්නවා. ඒ වගේම හිත හොඳයි, සංවේදි, බොක්ක උනත් දෙන කෙනෙක්. ඒ වගේම අපි සමහර වෙලාවට අමරුවෙ වැටෙනවා ඒ යාලුවත් එක්ක වැඩක් කරන්න ගියාම. ඒ වගේම අපිට කරගන්න අමාරු සමහර වැඩ ලේසියෙන්ම ගොඩ දාලාත් දෙනවා. ඉතින් මේ වගේ චරිතයක් තමයි ඉර්ෆාන් රඟපාන්නෙ. එතකොට මෙකෙ ඉන්න සීරියස් චරිතය තමයි අවිනාශ්.

කතාව ගැන කියනවා නම් අවිනාශ් කියන කෙනාගේ තාත්තා වන්දනා ගමනක් යද්දි අනතුරකට මුහුණ දීලා මිය යනවා. ඉතින් ට්‍රැවල් ඒජන්සියෙන් තාත්තගෙ සිරුර ගුවන් තොටුපලට එවනවා. මේ සිරුර ගෙන්න අවිනාශ් සහය ගන්නෙ ශෞකට්ගෙන්. සිරුර අරගෙන අවිනාශ් තීරණය කරනවා ඒක පුච්චන්න. පුච්චන්න අදාහනාගාරයට ගියාම තමයි අවිනාශ් සහ ශෞකට් දැන ගන්නෙ ඒ තාත්තගෙ සිරුර නෙවේ කියලා. ඉතින් අවිනාශ් සහ ශෞකට් තීරනය කරනවා මේක අදාල පුද්ගලයින්ට ගෙනිහින් දීලා තාත්තගෙ සිරුර අරගෙන එන්න. ඉතින් ඔවුන්ට ඉතා දීර්ඝ ගමනක් යන්න වෙනවා. ඒ යන ගමන අතරවාරයේ තමයි සේරම අවුල් ටික සිදුවෙන්නෙ. මෙය comedy ෆිල්ම් එකක් වගේ ආර්ම්භය සිදුවුනාට අවසානයට යනවිට සංවේදි වෙන්න පටන් ගන්නවා. අවසානයේ කියන දෙය අපිටත් ආදේශ කර ගත්තොත් සමහර අයට තේරුම් යයි මේ කියන්නේ අපි ගැන නේද කියලා.

එහෙනම් අවිනාශ්ට සහ ශෞකට්ට තාත්තගෙ සිරුර හොයා ගන්න පුළුවන් වෙයිද? ඔවුන් ඒ වික්‍රමය සිදු කරන්නෙ කොහොමද? ඔවුන්ට සිදුවන කරදර ජරමර මොනවද? අවසානයේ මේ දීර්ඝ ගමන නිසා අවිනාශ් සහ ශෞකට් තම ජීවිතයේ අරමුණ සොයා ගනීද? කියලා බලන්න ෆිල්ම් එක බලන්න වෙනවා.

Comments