EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඋගුල !
ඔන්න මේ පාර අරගෙන ආවේ බලන් ඉද්දි ඇස් වලට කඳුළු එන, ඒ වගේම අන්තිම තත්පරේ වෙනකන් කුතුහලයෙන් හිරකරගෙන ඉන්න පුළුවන් සුපිරිම මලයාලම් ත්‍රලර් එකක්.
මේ කතාව ගලාගෙන යන්නේ සබිතා කියන අහිංසක අම්මා වටා. එයා රස්සාවක් නැති බේබදු මහත්තයෙක් එක්ක ජීවිතේ ගැටගහගන්න පුදුම දුකක් විඳිනවා. ඉතින් මේ අම්මාගේ මුළු ලෝකයම වෙන්නේ එයාගේ දුව, අයිශ්වර්යා. හැබැයි මේ අහිංසක පවුල මැදට ‘අකිල්’ කියලා අද්භූත තරුණයෙක් කඩා පාත් වෙනවා. එයා මුලින්ම දුවට ෆෝන් එකක් දීලා එයාව දැලට දාගන්න හැදුවට, අන්තිමේදී එයාගේ ඉලක්කය වෙන්නේ තනිවුණු මේ අම්මා. ගේ ඇතුලේ ඉන්න මී කරදරේ ඉවර කරන්න අටවන උගුලයි, අකිල් මේ පවුල වටා අටවන උගුලයි අතරේ මේ අම්මා අතරමං වෙනවා.
තමන්ගේ දරුවා බේරගන්න හිතාගෙන අම්මා ගන්න තීරණයක් අන්තිමේදී මුළු පවුලම විනාශ කරන ඛේදවාචකයක් වෙන්නේ කොහොමද කියලා දැනගන්න නම්, මේ ‘Khedda’ (උගුල) ෆිල්ම් එක බලන්නම වෙනවා. ආදරේ නාමයෙන් එන රැවටීම් වලට අහුවුණාම ජීවිතේ කොච්චර නම් අසරණ වෙනවද කියලා මේ ෆිල්ම් එකෙන් ඔයාලට හොඳටම බලාගන්න පුළුවන්. එහෙනම් යාලුවනේ, හිත හයිය කරගෙන මේක බලන්න කියලා ආරාධනා කරනවා!


