EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Kiss of the Spider Woman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Bill Condon, Christo Morse, Germán Zecchi, Gimena Berrutti, Hans Augustave, Lisa Simon, Lucia Vanya, Mateo Jaunsolo, Paula Clarkson
Country:United Kingdom, United States of America
Year:2025
Subtitle By: ගීතක විරාජිත් (Cinerulk )
Country: United States, Mexico
Cast
Go Full Cast PageKiss of the Spider Woman (2025) | “ සිරගෙදරක මනඃකල්පිතය ”
ඔන්න මේ සැරේ අරගෙන ආවේ ටිකක් වෙනස්ම විදියේ, හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරන, ඒ වගේම හරිම අපූරු සංගීතමය (Musical) අත්දැකීමක්!
මේ කතාව ගෙතෙන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් මිනිසුන් දෙදෙනෙක් වටායි. ඒ දෙන්නාටම සිද්ධ වෙනවා එකම හිර කුටියක ජීවත් වෙන්න.
එක්කෙනෙක් තමයි ‘ලුයිස් මොලීනා’ (Luis Molina). එයා යථාර්ථයෙන් පැනලා යන්න හදන්නේ පරණ හොලිවුඩ් චිත්‍රපටි ලෝකයකට හිතින් ඇතුල් වෙලා .
අනිත් කෙනා ‘වැලන්ටින් අරෙගුයි’ (Valentín Arregui). එයා දේශපාලන සිරකරුවෙක්, තමන්ගේ අරමුණ වෙනුවෙන්ම ජීවත් වෙන කෙනෙක්.
ඉතින් මේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙන්නා එකම කුටියක හිර වෙනවා. කටුක හිරගෙදර ජීවිතය දරාගන්න, මොලීනා එයා ආසම කරන, සංගීතය මුසු වුණු චිත්‍රපටියක් ගැන විස්තර වැලන්ටින්ට කියන්න පටන් ගන්නවා.
කටුක යථාර්ථයයි, මොලීනා මවන මේ මනඃකල්පිත ලෝකයයි එකිනෙකට ගැටෙන්නේ කොහොමද? මේ චිත්‍රපටි කතාව එයාලා දෙන්නගේ සම්බන්ධයට බලපාන්නේ කොහොමද? යථාර්ථයෙන් පැනලා යෑම ඇත්තටම එයාලට උදව්වක් වෙයිද?
මේ හැමදේම හරිම සංවේදීව, ඒ වගේම සිංදු එක්ක ගලපපු මේ කතාව තමයි “Kiss of the Spider Woman”.
හරි එහෙනම්, මෙතන ඉඳන් ඔයාට බාරයි. මේ ගැඹුරු, සංවේදී වගේම සංගීතය මුසු වුණු කතාවත් රසවිඳින්න කියලා මතක් කරනවා!











