EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKochaal (2022) | “පොඩි එකාගේ මෙහෙයුම”
6.7/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Thriller කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. මලයාලම් නළු Krishna Shankar , Shine Tom Chacko ඇතුළු Murali Gopy, Sharaf U Dheen , Rnji Panicker, Neena Kurup, Kochu Preman සෙසු නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Shaym Mohan විසින්.
Kochaal’ OTT: Shine Tom Chacko – Krishna Sankar starrer to stream on THIS date | Malayalam Movie News – Times of India
කතාව ගැන කිව්වොත්, ශ්‍රී කුට්ටන් පොලිස් රස්සාවට යන්න අශාවෙන් ඉන්න කොල්ලෙක්.. මොකද ශ්‍රී කුට්ටාගෙ තාත්තත් අවංක පොලිස් නිලධාරියෙක්. මොනා වුනත් තියෙන එකම කේස් එක තමයි උස මදි කම… හැමෝම දන්නවනි පොලිස් හමුදා රස්සා වලට අඩි 06 කට වඩා උස සම්බන්ධ ගැටලු තියෙනවා කියලා ඉතිං අපේ ශ්‍රි කුට්ටන්ටත් ඔය කේස් එකම එනවා.. ඒ මදිවට ගමේ අයත් ” පොඩි එකා ” ” පොඩි එකා ” ගාගා විහිළු කරනවා. තව බඳින්න හිතාගෙන ඉන්න කෙල්ලගෙ තාත්තට උස කෙසේ වෙතත් දුවව රජේ රස්සාවක් නම් අනිවාර්යයෙන්ම තියෙන්නෙ ඕන. කොහෙන් කොහොමහරි මේ පොඩි එකා පොලිස් රස්සාවට පැනගනීද…? හරි පැන ගත්තා කියමුකො ඊට පස්සෙ හම්බවෙනවා ලොකු අභියෝගයක් ඒක මොකක්ද….? ඔතන තමයි කෙළිය තියෙන්නෙ ඒක අභියෝගයක් නෙවෙයි මෙහෙයුමක් විදිහට පෙරළෙනවා.. මොකක්ද මේ මෙහෙයුම 😈 ඒ ගැන දැන ගන්න නම් මේ “පොඩි එකා” ගෙ කතාව අනිවාර්යයෙන්ම නරඹන්න ★




