EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ආයුබෝවන් යාළුවනේ අද මම අරගෙන ආවේ ඉන්දියානු දෙමළ සිනමාවෙන් 2025 දෙසැම්බර් 25 වන දින නිකුත් වුණ kombuseevi නැමැති චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙනයි

මෙය නිෂ්පාදනය කරන්නේ ස්ටාර් සිනමාස් හරහායි
අධ්‍යක්ෂණය පොන්‍රාම් මහතා විසිනි

මේ චිත්‍රපටයෙන් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ සරත් කුමාර් මහතා හා ශන්මුග පාණ්ඩියන් කියන දෙදෙනායි

ඉතින් පැය 2.යි විනාඩි 17 ක් පුරාවට කියන මේ කතාව මම සාරාංශ කරලා කියන්නම්
මදුරෛ දිස්ත්‍රික්කයේ ගම් 12 ක් යට කරමින් නිර්මාණය කරපු වැව් බැම්මක් වටා කේන්ද්‍ර ගතවුණ කතාවක් තමයි මේ කතාව ……මේ ගම් 12 වතුරෙන් යට වුණ නිසා ඒ ගම් 12 ඉන්න මිනිස්සු තමන්ගේ ගොවිම්බිම් යටවුණ කාරණය නිසා ගොවිතැන් කටයුතු අතෑරාලා දානවා ඒ වෙනුවට මේ ගම් 12ම මේ වේල්ල වෙනුවෙන් ලංසු දාලා වේල්ල දිනාගෙන ඒකේ ධීවර කර්මාන්තය කරන්න පටන් ගන්නවා

ඉතින් මේ අපේ පාණ්ඩි හෙවත් ශන්මුගම් කියන්නේ මේ ගමේ ඉන්න අනාථ කොල්ලෙක් තමන්ගෙ අම්මගේ මරණයෙන් පස්සේ ගමේ තනිවෙන මේ පාණ්ඩි මේ ගමේ ඉතාම දුකෙන් කල් ගෙවනවා

මේ කාලෙදී රොක්කා පුලි හෙවත් සරත් කුමාර් මේ කොල්ලා අනුකම්පා කරලා තමන්ගේ දරුවෙක්ට වගේ සලකනවා…ඉතින් රොක්කා පුලි එක්ක එකතුවෙලා පාණ්ඩි ගොවිතැන් කටයුතු කරත් ගංවතුරෙන් ගොවිතැන විනාස වෙලා ගිහින් කරකියාගන්න දෙයක් නැතුව මේ ගමේ අසරණ වෙනවා…මේ අස්සේ පණ්පාලන් කියලා චරිතයක් මේ පාණ්ඩි.රොක්කා පුලි ළඟට ඇවිත් අළුත් ව්‍යාපාරයක් පටන් ගන්න අත දෙනවා ඒ වෙන මුකුත් ගංජා ව්‍යාපාරයක්…ඉතින් මෙයාලා ගංජා ව්‍යාපාරය පොලිසියටත් හොරෙන් කරගෙන යන හැටිත් ඒ අතරතුර මෙයාලට මුහුණ දෙන්න වෙන අභියෝග ගැන තමයි මේ කතාවෙන් කියන්නේ ඉතින් මම ඔයාලට ආරාධනය කරනවා මේ කතාවත් අනිවාරෙන් බලන්න කියලා

Comments