EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Krishnamma (2024) | “පළිගැනීමේ වියරුව”

 

2024 මැයි 10 වෙනිදා නිකුත් වෙච්ච මේ ෆිලුම අයත් වෙන්නේ Crime/Thriller/Action කියන කැටගරියට.. මුල් විනාඩි 20 නම් ඔහේ ගියා.. හැබැයි එතන ඉදන් නම් ගැම්මක් එක්ක වැඩේ ගියා.. 2nd Half එක නම් ගින්දර 
මේකේ ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ Satya dev කියන රංගන ශිල්පියා.. තෙළිගු ෆිල්ම් බලන අයට නම් මෙයාව මීටර් ඇති.. 2022 ආපු චිරංජීව්ගේ Acharya, godfather ෆිල්ම් දෙකේත් මෙයා හිටියා.. ඒවගේම මේ ෆිල්ම් එකෙත් ඒ චරිතයට ලොකු සාධාරණයක්‌ කරල තිබුනා 

අධ්‍යක්ෂණය හා කතාව – V. V. Gopala Krishna

රංගනය – Satya Dev, Athira Raj, Archana Iyer, Laxman Meesala, Krishna Burugula

ධාවන කාලය – මිනිත්තු 130

භාෂාව – තෙළිගු

කතාව පැත්තට ගියොත්,

භද්‍රා, ශිවා, කෝටි කියන්නෙ හොදම යාලුවෝ තුන්දෙනෙක්.. මෙයාලට කාත් කවුරුත් නෑ, කොටින්ම කියනවා නම් අනාථයෝ.. ශිවා කියන්නෙ සාදාරනව කඩයක් දාන් හම්බ කරගන්න කොල්ලෙක්.. හැබැයි භද්‍රා, කෝටි දෙන්න නම් මත්ද්‍රව්‍ය බිස්නස් තමයි කරන්නේ.. ඔහොම ඉන්නකොට ශිවාගේ ජීවිතේට එනවා ලස්සන ගෑනු ළමයෙක්..එයා තමයි මීනා.. එයා ශිවාගේ ජිවිතේ විතරක් නෙවෙයි.. මුරණ්ඩු භද්‍රාගේ ජීවිතෙත් වෙනස් කරනවා.. මීනා භද්‍රාට තමන්ගේම සහෝදරයාට වගේ සලකනවා.. හදිස්සියේම මීනගේ අම්මට කරන්න වෙන සැත්කමක් නිසා ලක්ෂ 3ක්‌ ඕන වෙනවා.. සේරම මත්ද්‍රව්‍ය බිස්නස් අතැරපු භද්‍රා ඒ සල්ලි වෙනුවෙන් වැඩේට බහිනවා.. මේ සැරේ භද්‍රායි එයාගෙ යාලුවෝ දෙන්නයි පොලිසියට අහුවෙනව..පොලිසියෙන් මෙයාලව නොකරපු වරදකට අහුකරන්න හදනවා..හැබැයි ඒ මත්ද්‍රව්‍ය නඩුවට නම් නෙවෙයි.. ඒක ඊට වඩා ලොකු කේස් එකක්.. මෙන්න මෙතන ඉදන් තමයි සුපිරිම සීන් ටික පටන් ගන්නේ.. මෙතනින් පස්සේ මේ තුන්දෙනාගේ ජිවිතේ එහෙම් පිටින්ම කණපිට ගහනවා..

ඊටපස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා..

Comments

July 31, 2024

❤️👍