EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKushi (2023) | “නුඹයි මගේ ආරාධ්‍යා”
ඔන්න එහෙනම් ඔයාලා හැමෝම එනකම්ම බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි ආවෙ. ඒ තමයි විජයි දේවරකොණ්ඩා සහ සමන්තා විසින් රංඟනයෙන් දායක වුනු Kushi (2023) චිත්‍රපටය. IMDb දර්ශකයේ 6.2ක අගයක් හිමිකරන් තියෙන මේ චිත්‍රපටය Rom-Com ශාරණයට තමයි අයත් වෙන්නේ.
කථාව ගත්තම ප්‍රධාන වශයෙන් පවුල් දෙකක් අතරේ යන්නේ. එක පවුලක් දෙවියන් ඉන්නවා, නැකැත් කියන දේවල්
තියෙනවා කියලා තදින්ම විශ්වාස කරන වගේම ඒ හා සම්බන්ධව ප්‍රසිද්ධ පවුලක්. අනිත් පවුල අදේවවාදී පවුලක්, ඒ හා සම්බන්ධව ඒ පවුලත් ප්‍රසිද්ධයි. ඉතිං මේ පවුල් දෙකේ පියවරු අතර නිතර ගැටුම්. එක් අයෙන් විද්‍යාවෙන් ඔප්පු කරද්දි, අනිත් කෙනා ශාස්ත්‍රයෙන් ඔප්පු කරනවා.
ඉතිං මේ පවුල් දෙකේ තමයි අපේ ප්‍රධාන යුවල ඉන්නේ. අදේවවාදී පවුලේ විප්ලවුත්, දේවවාදී පවුලේ ආරාධ්‍යත් සිටිනවා. මේ දෙන්නා අතර ඇති වන ආදරයක් දුර දිග යෑමෙන් ගෙවල් වලටත් විරුද්ධ වෙලා කසාද බදිනවා. ඉතිං ඊට පස්සෙ ඒ දෙන්නගෙ පවුල් ජීවිතය එන ප්‍රශ්න සමූහයක් හා මේ කථාව ගෙතිලා තියෙනවා.
ගොඩක් අමාරුවෙන් කරපු උපසිරැසියක් තමයි මේක නම්. සිංඳු ඔක්කොමත් උපසිරැසි ගන්වලා තියෙන්නෙ.
එහෙනම් බලන්නකො.











