CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1877 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 03 [With Ads]
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 27, 2025United States93 Min.
Your rating: 0
9.7 18 votes
Make every breath count.

 

අද මම අරගෙන ආවේ පහුගිය පෙබරවාරි 28 වෙනිදා තිරගත වීම ආරම්භ කරලා මාර්තු 18 වෙනිදා OTT වලට රිලීස් වුණ Last Breath (2025) කියන ඉංග්ලිෂ් ෆිල්ම් එකට.. ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alex Parkinson විසින්.. ඉතින් මේ චිත්‍රපටය 2019 අවුරුද්දේ Alex Parkinson විසින්ම අධ්‍යක්ෂණය කරපු Last Breath වාර්ථා චිත්‍රපටයේ සිනමා ප්‍රතිනිර්මාණයක් වෙනවා.. ඒ වගේම මේක සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් වීමත් වැදගත් දෙයක්..⁣මේ වෙද්දි IMDb දර්ශකයේ 6.7/10 ක් වගේ හොඳ රේටින්ග් අගයක් ලබා ගන්නත් මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

කාස්ටි එක පැත්කට හැරිලා බැලුවොත් Woody Harrelson, Finn Cole සහ අපි කවුරුත් දන්න Shang-Chi ගේ චරිතයට පණ පොවපු Simu Liu තමයි ප්‍රධාන චරිත රඟදක්වන්නේ..ඊට අමතරව Cliff Curtis, Christian Scicluna, Mark Bonnar වගේ තවත් නලු නිළි කැලක් මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙලා තියනවා..

ඉතින් චිත්‍රපටයට පාදක වෙලා තියන කතාව ගැන කිව්වොත් එහෙම මම මුලින්ම කිව්වා වගේම මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි නිර්මාණය වෙන්නේ..ඒ සිදුවීම තමයි 2012 අවුරුද්දෙදි Saturation Diver කෙනෙක් විදියට කටයුතු කරපු Chris Lemons කියන පුද්ගලයා මුහුණ දුන්න බිහිසුණු අනතුර..ඉතින් මම කලින් සඳහන් කරපු Saturation Diver කෙනෙක් කියන්නේ ගැඹුරු මුහුදු පතුලේ තියන තෙල්,ගෑස් වගේ දේවල් ප්‍රවාහනය කරන නළ පද්ධති අලුත් වැඩියා කිරීම්.. තව මුහුදුබත් වුණු නෞකා වල ගලවා ගැනීම් වගේ දේවල් කරන කිමිදුම්කාරුවෙක්..මේ අය ගොඩක් ගැඹුරු මුහුදේ තමයි මේ රැකියාව සිද්ධ කරන්නේ..ඒ වගේම මේක ලෝකේ තියන භායනකම රැකියා වලිනුත් එකක්.. ඉතින් මේ චිත්‍රප⁣ටයේ කතාව වෙන්නේ ප්‍රධාන චරිතය වෙන ක්‍රිස් ලෙමන්ස් ඩේව් සහ ඩන්කන් කියන තමන්ගේ සඟයෝ දෙන්නත් එක්ක මම ඉහත කිව්වා වගේ මැනිෆෝල්ඩ් එකක අලුත් වැඩියාවකට ගැඹුරු මුහුදට යනවා..(මැනිෆෝල්ඩ් එකක් කියන්නේ කලින් කිව්වා වගේ තෙල් හෝ ගෑස් ප්‍රවාහනය කරන නළ පද්ධතියක්) ඉතින් මේ වැඩේට මුහුදු පතුළට යන්න භාවිත කරන යන්ත්‍රයට බෙල් එකක් කියලා තමයි කියන්නේ..ඒක සාමාන්‍ය සීනුවක වගේ හැඩයක් ගන්න කුටියක් වගේ දෙයක්..මේක ඇතුලේ ඉදන් මුහුදු පතුළට ටික දුරක් ගිහින් තමයි මේකෙන් පිට වෙලා ගැඹුරු මුහුදට කිමිදෙන්නේ.. ඉතින් මෙහෙම පිටත් වුණ දවස කවුරුත් නොසිතූ විදියට ක්‍රිස් ලෙමන්ස්ගේ වායු කේබල් එක කැඩිලා එයාට ලොකු අනතුරක් වෙනවා..ඉතින් ඊට පස්සේ

ක්‍රිස්ට මොකද වුණේ..?

කොහොමද ක්‍රිස්ව බේරගන්න මෙහෙයුම සිද්ධ වුණේ…?

ක්‍රිස්ගේ ජීවිතේ බේරගත්තද..?

වගේ හොඳම ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්නම් ඔයාලට ෆිල්ම් එක නරඹන්නම වෙනවා..

සිනමාපටයේ සිටින ක්‍රිස් ලෙමන්සගේ චරිතය රඟදක්වන Finn Cole සහ සැබෑම ක්‍රිස් ලෙමන්ස්

එහෙනම් හැමෝටම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරමින් අදට මම සමුගන්නවා..

Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk )
IMDb 6.7 /10 7,159 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Woody Harrelson isDuncan Allcock
Duncan Allcock
Simu Liu isDavid Yuasa
David Yuasa
Finn Cole isChris Lemons
Chris Lemons
Cliff Curtis isAndre Jenson (Captain)
Andre Jenson (Captain)
Mark Bonnar isCraig (Dive Supervisor)
Craig (Dive Supervisor)
MyAnna Buring isHanna (1st Officer)
Hanna (1st Officer)
Connor Reed isAndrew (Rov Pilot)
Andrew (Rov Pilot)
Nick Biadon isStuart (B Team)
Stuart (B Team)

Similar titles

Oh Baby (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deadly Escape (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Loveyatri : Love Will Take Over (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chief of Station (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abominable (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wrath of Becky (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie’s Angels (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mirage (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Gihan March 29, 2025 Reply

    Thanks

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published