EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Love Hurts (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Can Aydin, Jonathan Eusebio, Lisa Nelson-Fries, Puneet Chawla
Cast
Go Full Cast PageLove Hurts (2025) | “අතීත ඝාතකයකුගේ නව පිබිදීම”
Love Hurts කියන ෆිල්ම් එක, මේ අවුරුද්දේ (2025) රිලීස් වුන American action-comedy ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ Jonathan Eusebio, ඒ එයාගේ පළවෙනි අධ්‍යක්ෂණය විදිහට. වැලන්ටයින් දවසේ, ප්‍රධාන විදිහට පාර් ශව 3 කගේ ආදරය, එයාලා සම්බන්ධතා වැඩි දියුණු කරගන්න උත්සහා කරන විදිහ, අනිත් හැමදේමත් එක්ක ෆිල්ම් එකේ පෙන්නලා දෙනවා.
හරි, මේ කතාව මම මේ විදිහට කියන්නම්, ෆිල්ම් එක පාදක වෙන්නේ වැලන්ටයින් දවසක් ගැන. Marvan Gable කියන්නේ දේපළ වෙළදාමේ නිරත වෙලා ඉන්න, ප්‍රිය මනාප පෙනුමක් තියන, ඕනි කෙනෙක් එක්ක හිනා වෙලා කතා කරන චරිතයක්. හැබැයි දැන් එහෙම උනත්, එයාගේ අතීතයනම් ටිකක් දරුණු එකක්. එයා ඉස්සර මිනිස්සු විශාල ප්‍රමාණයක් මරලා තියන Hitman චරිතයක්.
මේ වැඩ වලට මෙයත් එක්ක එකට වැඩ කරපු තවත් කෙල්ලෙක් ඉන්නවා Rose කියලා. එක සිද්ධියක් නිසා, Marvan ට පැවරෙනවා Rose ව මරන්න. හැබැයි එයා එහෙම කරන්නේ නෑ. මොකද Rose ගැන පොඩි ආදරයක් ඇති වෙලා තිබුනා Marvan ට. ටික කාලයක් හැංගිලා ඉදලා Rose එළියට එනවා, පළිගන්න අදහසක් එක්ක. ඒ වැඩේට Marvan ගේ උදවු බලාපොරොත්තු වෙනවා.
ඉතින් පරණ ජීවිතේ අත ඇරලා, අළුත් ජීවිතයක් පටන් ගත්ත Marvan, Rose ට උදවු කරන්න කැමති වෙයිද. එයාගේ හිතේ තියන ආදරේ Rose ට කියයිද?
එහෙනම් ෆිල්ම් එක රස විදින්න












