EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Lunana: A Yak in the Classroom (2019) | පන්ති කාමරයට පැමිණි යැක් ගවයා…

උග්යෙන් ඩෝජි…
තම අත්තම්මා සමඟ භූතාන අගනුව‍රේ ජීවත් වන,
ගායකයෙක් ලෙස ජීවිකාව ගෙන යෑම සඳහා,
ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න හීන දකින තරුණයෙක්…
ඒත් ඔහුට රජ‍යෙන් නියම කරලා තියෙන අවුරුදු පහක අනිවා‍ර්ය ගුරු සේවය…
අත්තම්මාත් කැමති තමන්ගෙ මුණුබුරා ගුරු සේවය කරනවනම්…
ඔව්, ඇයටනම් කොහොමහරි කමක් නෑ උග්යෙන් ර‍ජයේ රැකියාවක් කරනවනම්…
හතරවෙනි අවුරුද්දේදි රජයෙන් යන්න නියම කරන ලුනානාවේ දුෂ්කර පාසල…
වෙන කරන්න දෙයක් නැති පාර හරිහමං විදුලි පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්වත් නැති,
තනි පන්ති කාමරේක පුංචි ඉස්කෝලෙක තාවකාලිකව උගන්වන්න දුෂ්කර ලුනානාවේ යන උග්යෙන්ගේ කතාව තමයි මේ…
අකමැත්තෙන් සහ අප්‍පිරියාවෙන් ගුරු සේවය සඳහා දුෂ්කර ලුනානාවට යන උග්යෙන් එහිදී වෙන්නේ හරි හරි දේවල්…
එතකොට පන්තිකාමරේට එන යැක් ගවයාගේ කතාව?
…අහ් ඒක කතාව බලලාම දැනගන්නකො!

උග්යෙන්‍ගේ සිතුවිලි පවා උඩුයටිකුරු කරන මේ සංවේදී හරිම ලස්සන කතාව පවුලෙ හැමෝම එකතු වෙලා ඔයාලටත් බලන්න කියලා ආරධනා කරනවා එහෙනම්. හිත නිමෙන්න බලන්න අපූරු චිත්‍රපටයක් තමයි මේ.

ඒ විතරක් නෙමෙයි, මේක එක ඔස්කාර් සම්මානෙකට නිර්දේශ වෙලා තිබුණා. වෙනත් සම්මාන 20 ජයග්‍රහණය කරලාත් තියෙනවා. ඉතින්, ඔයාලට හිතාගන්න පුලුවන්නේ ෆිල්ම් එකේ තත්වෙ?

Comments