EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
M3GAN (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageM3GAN (2022) | වියරු වැටුණු බෝනික්කා!!
“ඈත අතීතයේ සිටම පැවතගෙන එන මානවයා නොහොත් මනුෂ්‍යයා, ලෝක දියුණුවේ ඉනිපෙත්තටම ගමන් කරමින් සිටිනවා’. ඒ අතින් තාක්ෂණය අතින් මිනිසා විශාල කඩඉම් පසු කර තිබෙනවා වගේම පසු කරමින් සිටිනවා. විවිධාකාර තාක්ෂණික මෙවලම් ආදිය එයට හිමිකම් කියද්දී, එහි ඉහළින්ම තියෙන්නෙ, රොබෝ තාක්ෂණය කිව්වොත්’ මම හිතන්නෙ මම වැරදි නෑ. ඉතින් මේ රොබෝ තාක්ෂණය, කෘතිම බුද්ධිය (AI) දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඇවිදින විලාසය, හැසිරීම් රටාව, කථනය, මුහුණේ හැඟීම් ප්‍රකාශයන් තෙක් මේ තාක්ෂණය වැඩිදියුණු වෙලා තිබෙනවා, ඒ වගේම තවමත් වැඩි දියුණු වෙමින් පවතිනවා.”
ඉතිං චිත්‍රපටය පිළිබඳ කෙටි හැඳින්වීමක්…,
M3GAN කියන්නෙ කෘත්‍රිම බුද්ධියේ ආශ්චර්යයක්, ඒ වගේම ජීවමාන බෝනික්කෙක්. M3GAN ව වැඩසටහන් ගත කරලා තියෙන්නෙ දරුවෙකුගේ ශ්‍රේෂ්ඨතම සහකාරිය සහ දෙමාපියන්ගේ ශ්‍රේෂ්ඨතම සගයා වෙන්න. දක්ෂ රොබෝ විද්‍යාඥයෙක් වෙන “ජෙමා” M3GAN ව නිර්මාණය කරන්නෙ සවන් දෙන්න, නරඹන්න, මිතුරෙකුගේ වගේම ගුරුවරයාගේ, ක්‍රීඩා සගයාගේ වගේම ආරක්ෂකයාගේ භූමිකාව ඉටු කරන විදිහට. ඉතින් ජෙමා’ගේ අවුරුදු අටේ ලේලිව බලාගන්න M3GAN ට ලැබෙනවා.
එතනින් එහාට සිදුවීම් පෙළ චිත්‍රපටය බලලම ඔයාලා රසවිඳින්න.
පැය 1 මිනිත්තු 42 ක කාලයකට සීමා වෙන මෙම “M3GAN” චිත්‍රපටය අයිති වෙන්නෙ horror/sci-fi කියන ඛාණ්ඩයට. IMDb අගය 6.5 කට සීමා වෙද්දී rotten tomatoes අගය 94% ක් වගේම ගූගල් පරිශීලක අගය 87% ක අගයක් ලබා ගන්න මෙම චිත්‍රපටයට හැකිවෙලා තියෙනවා.
ඉතින් මේ horror category එකට අදාල චිත්‍රපටයක්
- M3GAN (2022)
- M3GAN 2.0 (2025)











