EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMaamannan (2023) | අවිංසාවාදී දේශපාලකයා
ඔන්න එහේනම් තවත් 2023 වසරේ හිට්ම දමිළ සිනමාවකට සබක් ගෙනාවා. අපේ කූල් ඇකටර් උදනිදි ස්ටාලිං හා වඩිවේලු ප්‍රධාන චරිතයට දායක වෙන මාරි සෙල්වරාජ් ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් බිහිවුන මාමන්නන් නොහෝත් අධිරාජ්‍යයයා. අධිරාජ්‍යයයා කිව්වට මේක පරනකාලේ චිත්‍රපටියක්නම් නෙවෙයි. නූතන දේශපාලන දාරාවට අසුවුන දාර්මික දේශපාලකයෙක් හා ඔහුගේ පුතුගේ කතාවයි. දුෂ්ඨයාගේ චරිතයනම් මලයාලම් සිනමාවෙන් පායපු තරුව ෆාහඩ් ෆයිසාල් . කෙල්ලට ඉන්නේ කීර් ති සුරේෂ්. සංගීතයෙන් ඒ ආර් රහමන් විසින්. කැමරාකරණය Theni Eswar හා සංස්කරණය Selva R. K. විසිනුයි.
මේ ෆිල්ම් එකේදී උදයනිදි කියල තියෙනවා එයා සිනමාවෙන් ඈත්වෙලා පූර්ණ දේශපාලනයට යනවා ඒ නිසා මින් ඉදිරියට සිනමාවෙන් ඔහුව හමුවන එකක් නෑ කියල. ඒකනම් සිනමා රසිකයන්ට විශාල පාඩුවක් වෙනවා නිසැකයි. ඒ වගේම මේ ෆිම් එකේ සාර්තකත්වය නිසාම නිෂ්පාදක උදයනිදි විසින් මාරි සෙල්වරාජ්ට කාර් එකක් පරිත්‍යාග කරල තියෙනවා.
අනෙක තමයි වඩිවේලු, විකට නලුවෙක් විදියට ප්‍රසිද්ධව ඉන්න වඩිවේලු මේ චරිතයෙන් තමන්ට නියම චරිතාංග නලුවෙක් වෙන්න පුලුවන් කියල පෙන්නුවා. ඒ තරමට ඉහල රංගනයක් වඩිවේලුගෙන් දකින්න පුලුවන් වුනා. කීර්ති සුරේස්ගෙන්නම් වැඩියමක් වුනා කියලනම් කියන්න බෑ. ෆිල්ම් එකනම් ඉහලම තලයක ෆිල්ම් එකක් කියන්න පුලුවන්.
Maamannan (2023) Sinhala Subtitles
දැන් කතාව බලමු :
දේශපාලනය හා දෙශපාලනයේ ඉහල තැන් නිතරම හිමිවෙන්නේ ඉහල පැලැන්තියටයි. ඒක තමයි ආසියාතික දේශපාලන ක්‍රමය. මේ මාමන්නන් (වඩිවේලු ) පක්ෂයේ ඉහළ ක්‍රියාකාරි සාමාජිකයෙක් වගේම මන්ත්‍රිකෙනෙකුත් වෙනවා. නමුත් දිස්ත්‍රික් ලේඛම්ගේ යටහත් සේවකයෙක් වගේ ඉන්න ඕන. වීරා (උදයනිදි) මාමන්නන් පුත්‍රයා . කුල හීනයෙන් ගමෙන් වෙන තාඩන පීඩන නිසා පියා සමග විරසක්වී සිටින්නේ. මොනයම් හේතුවකින් හෝ මේ පිය පුතු එක්වීමත් සමග දේශපාලන වහල්භාවය බිදවැටීමකට ලක්වෙනවා. ඒ බිද වැටීම හරහා ඇතිවන ඝට්ටනය තමයි මේ චිත්‍රපටය . ඉතින් ඔයාලත් බලලම කියන්න කොහෝමද කියල




