EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMaan Karate (2014) | ආදරය වෙනුවෙන් බොක්‍සින් වලල්‍ලට…
මේක 2014 අප්‍රේල් වැනිදා නිකුත් වූ චිත්‍රපටයක්. fantasy – romance dramedy වර්‍ගයට තමයි වර්‍ග කරලා තියෙන්‍නේ. අධ්‍යක්‍ෂනය කරලා තියෙන්‍නේ AR Murugadoss. ඒ වගේම සංගීත අධ්‍යක්‍ෂනය කර තියෙන්‍නේ නව පරපුරේ තරුන සංගීත අධ්‍යක්‍ෂක Anirudh Ravichanderය. විශේෂයෙන් සදහන් කල යුතුයි, මේ චිත්‍රපටයේ ගීත් සියල්‍ලක්‍ම ඉතාමත් ජනප්‍රිය විය. රංගනයෙන් “සිව කාර්‍තිකයෙන්” පීටර් ලෙසත්, “හංසිකා මොට්‍වානී” යාලිනී, ලෙසත් ප්‍රධාන චරිත වලට එක්‍ව සිටිනවා.
චිත්‍රපටයේ කතාව මෙලෙසයි ගලා යන්‍නේ. IT ආයතනයක වැඩ කරන යාලුවෝ 5 දෙනෙක් දවසක් කැලේකට විනෝද චාරිකාවක් යනවා. එහිදි ඔවුන්‍ට මුනිවරයෙක්‍ව කැලේ තුලදී හමු වන අතර ඔහුගෙන් මේ 5 දෙනා එක් එක් වරය බැගින් ඉල්‍ලනවා, නමුත් ඔහු එක් වරයක් තමයි ලබා දෙන්‍න එකග වෙන්‍නේ. එලෙස ලැබෙන වරය තමයි මාස 4කට පස්‍සේ “ආයුධ පූජාව”(හින්‍දු අයගේ පූජාවක්) දවසේ නිකුත් වන පුවත් පතක්. නමුත් ඇත්‍තටම එදාට එම පුවත්‍පත් ආයතනය මුද්‍ර්‍න කටයුතු නවත්‍තන දවසක්. මන්‍ද අතිතයේ ඉදන් එම දවසට මොවුන් පුවත්‍පත් මුද්‍රනය කරන්‍නේ නෑ. පසුව ඒ පුවත් පතේ සදහන් එක එක සිද්‍දි සිදු වෙනවා. එහි සදහන් එක් පුවතක් තමයි, මේ 5 දෙනාගේ නම සදහන් කර, බොක්‍සින් තරගාවලියකින් ජය ගන්‍නා පීටර් නැමැත්‍තෙක්, තමන්‍ට ලැබෙන ත්‍යාග මුදල වන කෝටි 2ක මුදල මොවුන් 5 දෙනාට පුද කරනවා යන්‍න සදහන් කිර තිබීමයි. පසුව මොවුන් ඒ පීටර්‍ව හොයාගෙන ගිහින් මේ ත්‍යාග මුදල ගන්‍න කරන වැඩ තමයි ඉතුරු කතාව. ඇත්‍තටම මොවුන්‍ට ඒ මුදල ලැබෙයිද? ඒ පීටර් කවුද? ඔහු ඇත්‍තටම බොක්‍සින් ක්‍රීඩකයෙක්‍ද? මොවුන්‍ට කරන්‍නට වෙන වැඩ මොනාද? මේ සෑම එකට පිලිතුරු චිත්‍රපටයේ ගැබ්‍ව තියෙනවා.





