EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMad (2023) | “කැම්පස් ජීවිතේ”
(Mad (2023) Sinhala Subtitles) (Mad (2023) Sinhala Subtitle) (Mad (2023) Sinhala Sub) (Mad Sinhala Subtitle) (Mad 2023 Sinhala Subtitle)
මම අලුතින්ම ආපු Super Hit වුනු තෙලුගු ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා.කාලෙකට පස්සේ කම්මැලි නැතුව හිනාවෙවී ආතල් එකේ බලන්න පුලුවන් කතාවක් තමයි මේක.බැලුවට කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ.චිත්‍රපටය තමයි MAD (2023) කියන තෙලුගු චිත්‍රපටය.මේ චිත්‍රපටය ඔක්තෝබර් 6 වෙනිදා තමයි තිරගත වුනේ නොවැම්බර් 03 netflix හරහා අන්තර්ජාලයට නිකුත් වුනා.ෆිල්ම් එක 7.5/10 ක් වගේ හොද IMDb අගයක් වගේම 95% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.
චිත්‍රපටියේ Cast එක පැත්තට ගියොත් බොහොමයක් අලුත්ම නළු නිලියන් තමයි අරගෙන තියෙන්නේ.ඒ හැමෝම ඒ ඒ චරිත වලට සාධාරණයක් කරා කිව්වොත් නිවැරදියි.චිත්‍රපටයේ ප්‍රධාන චරිත 3ක් තියෙනවා.ඒ චරිත රගපාන්නේ Naren Nitin,Sangeeth Shobhan,Ram Nitiin.ප්‍රධාන නිළියන් විදියට Ananthika,Sri Gouri Priya,Ananthika රංගනයෙන් දායක වෙනවා.මීට අමතරව Vishnu OI,Raghu Babu,Muralidhar Goud,Racha Ravi රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kalyan Shankar.
කතාව පැත්තට ගියොත්, කැම්පස් එකේ හොදම යාලුවෝ තුන් දෙනෙක්ගේ කතාවක් තමයි තියෙන්නේ.කැම්පස් එක එපා වෙලා කැම්පස් එකෙන් පැනලා යන නවකයෙක් සීනියර්ලා අල්ලගන්නවා.එතනින් තමයි කතාව පටන් ගන්නේ.ඊට පස්සේ එයාව හම්බුවෙන්න සුපර් සීනියර් කෙනෙක් එනවා.එයා මේ තුන්දෙනා එක්ක හිටපු යාලුවෙක්.මේ හොදම යාලුවෝ 3න් දෙනාගේ කතාව අර නවකයාට කියන්න පටන් ගන්නවා.ඒ කතාව ඇහුවාම එයා මේ කැම්පස් ජීවිතය ගැන අදහස වෙනස් කරගනීද නැද්ද කියලා ඔයාලම බලන්න.කැම්පස් ජීවිතය කියන්නේ ජීවිතේ විදින්න ඕනම අවධියක්.කැම්පස් එකයි යාලුවෝ තුන්දෙනයි කියන්නේ වෙනමම ආතල් එකක්.




