EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Mangalavaaram (2023) | “මරණ වරෙන්තුව ලියවෙන අඟහරුවාදා”

පසුගිය කාලෙ බොහෝ ප්‍රේක්ශක ප්‍රතිචාර එක්ක තිරගත වුණු සහ අද දින එනම් අඟහරුවාදා දින OTT නිකුත් කල, “Mangalavaaram” (අඟහරුවාදා) කියන තෙළුඟු චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි අපි අදත් ආවේ. මේක Horror, Mystery, Thriller කියන ශාරණයන්ට අයත් වන්නක්.

අජේ භූපතිගෙ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ වුනු මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 7.1ක අගයක් ලබාගෙන තියෙනවා. ඔයාලා RX 100 බැලුව නම් දන්නවා අජේ භූපති ගැන. ඉතිං ඒ චිත්‍රපටයෙ හිටපු නිළිය Payal Rajput වම මේ චිත්‍රපටයටත් අරගෙන තියෙනවා.

කථාව ගත්තම, මහාලක්ෂ්මිපුරම් කියන ගම්මානයේ අත් බූත විදියට වන මිනී මැරුම් දාමයක් ගැනයි යන්නේ. මේ ගමේ අසම්මත සම්බන්ධ තියෙන අයගෙ නම් (Names) ගමේ බිත්ති වල ලොකු අකුරින් ලියනවා. මේ ලියන්නෙ කවුද කියලා කියලා කිසිවෙක්ම දන්නෙ නෑ. මේක දෙවියන්ගෙ වැඩක් කියලයි ගොඩක් අය විශ්වාස කරන්නේ. ඒවගේම ඒ නම් ලියන අයව හැම අඟහරුවාදා දිනකදිම මිය යනවා. මිය යන විදි එක් එක් ආකාරයෙන් සිද්ධ වෙන්නේ, සමහරු වස බීලා, සමහරු එල්ලිලා, එහෙම තමයි මිය ගිහින් තියෙන්නේ.

ඉතිං මේ ගමට අලුතෙන් එන පොළිස් නිලධාරිනියක් මේ ගැන පරීක්ෂණයක් කරන්න හදද්දි ඒකට ගමේ ජමින්දාර් ඇතුලු ගම්වාසීන් අවසර දෙන්නෙ නෑ. මොකද මේ ගමේ වෙනම ආකාරයක නීතියක් දුවන්නේ.

ඉතිං එක් දිනක් මේ පොළිස් නිළධාරිණිය කියනවා මේක අනිවාරෙන්ම මිනීමැරුමක්, සිය දිවි නසා ගැනීමක් නෙවෙයි කියලා. මේ දේ නිසා ගම්මු එක්කත් මේ නිළධාරියට ඇවිලෙන්න වෙනවා. ඇත්තටම මේ මොකක්ද වෙන්නෙ කියලා තාම කිසිවෙක්ටම අදහසක් නෑ. මේක දේව පළිගැනීමක් විදියට තමයි සලකන්නේ.

මේ මිණීමැරුම් දෙවියන් කරන දෙයක්ද? එතකොට පායල් රාජ්පුත් මොකටද මේ ෆිල්ම් එකේ ඉන්නේ?
ඇයි අඟහරුවාදම මේ මිණීමැරුම් වෙන්නේ? මේ දේවල් වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.

Comments