EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Mean Girls (2004) | කෙල්ලෝ වසයි

Mean Girls මේ චිත්‍රපටිය එළිදැක්විලා තියෙන්නේ 2004 අවුරුද්දෙදී. ඒ කාලේ හැටියට වසරේ හොඳම Teen Movie එක විදියට මේක තේරිලා තියෙනවා. ඒ වගේම ඒ කාලේ සුරූපීම රංඟන ශිල්පිනියෝ වෙච්ච Lindsay Lohan, Rachel McAdams, Lacey Chabert Amanda Seyfried කියන නිලියෝ ප්‍රධාන චරිත රඟ දක්වනවා.

IMDB අගය 7.1 වගේ හොඳ ලොකු ප්‍රමාණයක් මේ චිත්‍රපටියට හිමි වෙලා තියෙනවා. Mark Waters අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරපු මේ නිර්මාණයට BOX OFFICE ආදායම $24,432,195 ලැබිලා තියෙනවා. එකිනෙකට සම්බන්ධ නැති චිත්‍රපටි 2 ක් දැනට නිකුත් වෙලා තියෙනවා. මේක කොමඩි ගණයට අයත් වෙන සුපිරි චිත්‍රපටියක්.

කතාවට හැරුනොත්: කේඩි කියලා තරුණ වයසේ කෙල්ලෙක් එයාගේ දෙමව්පියෝ එක්ක අප්‍රිකාවේ ඉඳන් ඇමෙරිකාවට ගිහින් පදිංචි වෙනවා. ඊට පස්සේ කේඩි, උසස් පාසලට යනවා. එහෙදි එයාට ප්ලාස්ටික් කණ්ඩායම කියලා අමුතු විදියේ කෙල්ලෝ තුන් දෙනෙක්ගේ කණ්ඩායමක් මුණ ගැහෙනවා.

මේ ප්ලාස්ටික් කණ්ඩායම තමයි ඉස්කෝලේ ලස්සනම වගේම ප්‍රසිද්ධම කට්ටිය. ඉතින් කේඩිට මෙයාලා එක්ක විසඳගන්න වෙන ගණු දෙනුව මොන වගේද කියලා තමයි චිත්‍රපටියේ පෙන්නන්නේ. කතාවෙන් ලස්සන කෙල්ලන්ගේ නොදන්න රහසිගත ගොඩක් දේවල් මේකෙන් පෙන්නලා තියෙනවා.

    Mean Girls Complete Collection
  1. Mean Girls (2004)
  2. Mean Girls (2024)

Comments