EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Medal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Medal (2023) | අත් නොහරින පදක්කම් සිහිනය
වෙනසකටත් එක්ක මේ පාර ඔයාලට අරන් ආවා නවතම පන්ජාබ් සිනමා නිර්මාණයක්. ඒ තමයි 2023 ජුනි 02 දින ඉන්දීය සිනමාවට එකතු වුනු Action, Crime, Drama යන කැටගරි වලට අයත් The Medal. පැය 2, විනාඩි 02 ක ධාවන කාලයක් සහිත ‘මෙඩල්’, 7.0/10 ක IMDb අගයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය රඟපෑ මුල්ම චිත්‍රපටය වන Shooter [2022] චිත්‍රපටයෙන් පන්ජාබ් සිනමාවේ ස්ටාර් කෙනෙක් වෙන්න වරම් ලද, ගායකයෙක්, නලුවෙක් සහ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වන Jay Randhawa සමග Baani Sandhu, Jag Singh සහ Pradeep Singh Rawat රංගනයෙන් දායක වෙනවා. ජේ රන්දවාගේ Chobbar [2022] චිත්‍රපටය අධ්‍යක්ෂනය කල Maneesh Bhatt ගේම අධ්‍යක්ෂනයක්.
කතාව කෙටියෙන් කිව්වොත්, චිත්‍රපටය පටන් ගන්නෙ රාජා නමැති නමගිය මැරයෙක්ව අල්ලන්න යන පොලිස් බල ඇණියකින්. කවුද මේ රාජා? ඔහු ඉස්සර රාජ්වීර්, දිවීමට උපන් හපන්කම් ඇති ග්‍රාමීය තරුණයෙක්. හැබැයි ඔහුගේ කන් ඇහෙන්නෙ නෑ. ඒත් ඔහුට විශේෂ හැකියාවක් තියෙනවා. කෙනෙකුගේ තොල් සෙලවෙන හැටි බලලා කියන දේ තේරුම් ගන්න පුලුවන්. මේ නිසා අනිත් අය එක්ක හොඳට කතා කරන්න පුලුවන්. ඒ නිසා කවුරුත්ම දන්නෙ නෑ ඔහු බිහිරියි කියලා. මේ රාජ්වීර්ගෙ එකම හීනය තමයි ජාතික තලයේ පදක්කමක් ලබාගැනීම. ඔහු ක්‍රීඩා පාසලට ඇතුලත් වෙනවා. එහි ධාවන ශූරයා වන්නේ ධනවත් අහංකාර ක්‍රීඩකයෙක් වන අංගද්. පදක්කමක් දිනන්න හැකියාව විතරක් මදි සල්ලිත් ඕන කියල හිතන පොරක්. රාජ්වීර් තමාට පැහැදිලි තර්ජනයක් වන බව තේරුම් ගන්නා අංගද් වියරු වැටෙනවා. ඒ වියරුවෙන් රාජ්වීර්ගේ ජීවිතය කණපිට හැරෙනවා. ඒ කොහොමද? රාජ්වීර්ගේ පදක්කම් සිහිනය සැබෑ වෙයිද?
Share
Links
Comments


