CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMeesha (2025) | මිතු දම සහ අවස්ථාවාදය
කතාව ටිකක් කිව්වොත් මිතුරන් කීප දෙනෙක් ගැන තමයි කතාව. මිතු දම අස්සෙ මතුවෙන ඊර්ෂ්‍යාව, ද්‍රෝහී කම, අවස්ථාවාදය වගේ සංසිද්ධි මේ කතාවට පාදක වෙනවා. මේකෙ ප්‍රධාන චරිත දෙක අඹ යහළුවො තුන් දෙනෙක්. මෙයින් දෙන්නෙක් පාලක දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය නායකයාගේ අග සව්වො. එකෙක් මොළෙන් අනිකා අතින් පයින්. ඒත් පසු කාලීනව අතින් පයින් සගයා තමා නියෝජනය කරන ජන කොට්ටාශයට සිදු වෙන අසාධාරණයන් හේතු කොට ගෙන පක්ෂයෙන් විතැන් වෙද්දී ඔහු පාලනය කර ගන්න පක්ෂය අනෙකාගේ පිහිට පතනවා. ඔහු මුහුණ පාන්නෙ පක්ෂයද මිතු දමද කියන උභතෝකෝටිකයට. නොයෙක් අතීතාවර්ජනා, සහ අතුරු කතන්දර සමග ඝන වන රක්ෂිතයක් තුල ඉතා ත්‍රාසජනක අත්දැකීම් සමූහයක් එක්ක මේ කතාව දිව යනවා.
ප්‍රධාන චරිතය ලෙස සිය මුල්ම මලයාලම් චිත්‍රපටයට සම්බන්ධ වන කදිර් නම් දමිළ නළුවාත්, හකීම් සාජහාන්, ශ්‍රීකාන්ත් මුරලි, සුධී කෝපා, ජියෝ බේබි ශයින් ටොම් චාකෝට අමතරව මෙහි චරිත රඟපානවා මෙය එම්සි ජෝශප්ගේ අධ්‍යක්ෂනයක්



