EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMigration (2023) | එකම තැනක නොයිඳ ලෝකය දකින්න!
Migration (2023) Sinhala Subtitles
ඉතිං මේ සිනමාපටය සඳහා imdb වෙබ් අඩවියේ 6.8ක් වගේ හොඳ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම RT වෙබ් අඩවියේ 73%ක් වැනි ඉහළතම විචාරක අගයකුත් 87%ක් වැනි ඉහළතම ඕඩියන්ස් ස්කෝර් එකකුත් මේ සිනමාපටය ලබාගෙන තියෙනවා. ඔන්න ඒ තමයි මේ සිනමාපටය රේටින් වලින් මනින කෙනෙක්ට හොඳම මිනුම් දඬු තුන.
Migration (2023) Sinhala Subtitles
ඊළඟට මේ සිනමාපටය නිර්මාණය සහ ප්‍රචාරණය සඳහා ඩොලර් මිලියන 75ක් ගිහින් තියෙනවා. මේ වෙනකොට සිනමාපටයේ නිල බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 150+ වෙනවා. ඒ සඳහා ශ්‍රී ලාංකික සිනමා රසිකයින් විසින් මෙහි මුල්ම දින ආදායම විදියට ඩොලර් 9,253ක් සහ මේ ලිපිය ලියන 2024.01.13වැනි දින වනවිට සමස්ථ ආදායම වශයෙන් ඇමරිකානු ඩොලර් 9,253කට දායක වෙලා තියෙනවා. ඉතිං ඔයාට ෆිල්ම් එක ගැන වැටහීමක් ලබාගන්න මේ විස්තර ටික ප්‍රමාණවත් නේද?
Migration (2023) Sinhala Subtitles
මේ සිනමාපටයේ කතාව ගෙතෙන්නෙ පර්යටනය කිරීමට බියෙන් පසුවෙන තාරා පියෙක් සහ ඔහුගේ පවුල වටා. මේ තාරා පියාගේ නම තමයි මැක්. එයා හිතන විධියට ආරක්ෂිතම විධිය තමයි කොහෙවත් නොයා එකම තැනකට වෙලා ඉන්න එක. එයා සීත කාලේ ගත කරන්න තෝරාගන්නේ එයා ජිවත් වෙන විල අසලම තියෙන ගස් බෙනෙයක්. එයාගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට මේ වැඩේ එපා වේගෙනයි යන්නේ. ඉතිං එහෙම පර්යටනය වෙන කාලෙක පර්යටනය වෙමින් සිටින කුරුල්ලෝ වගයක් විඩාව නිවාගන්න මැක් ඉන්න විලට එනවා.
Migration (2023) Sinhala Subtitles
ඒ ආව වෙලාවේ එයාල ජැමෙයිකාවට පර්යටනය වන බවත් ඔවුන් එහෙ යන කාලය වෙනකොට ජැමෙයිකාවේ සුන්දරත්වය ගැනත් මැක්ගේ බිරිඳ වෙන ග්වෙන් සහ දරු දෙදෙනාට පවසනවා. එතැන් පටන් ඔවුන් තිදෙනා පර්යටනය වීමේ අරගලයක් පටන් ගන්නවා. දැඩි පෙරැත්තය නිසාවෙන් අන්තිමේදී මැක්, පර්යටනය වෙන්න කැමති වෙනවා. කවදාවත් පර්යටනය නොවුණු කුරුළු පවුලක් ජිවිතේ මුල්ම වතාවට පර්යටනය වෙනකොට කොහොමද කියල ඔයාලට බලාගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
Migration (2023) Sinhala Subtitles
මේක හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් බලන්න පුළුවන් හොඳ සිනමාපටයක්.











